මෙන්න, කන්‍යා දූවරු දෙදෙනෙක් මට සිටිති. මම ඔවුන් ඔබ වෙත ගෙනෙන්නෙමි. ඔබ කැමැති පරිදි ඔවුන් සමඟ හැසිරෙන්න. එහෙත්, මේ මිනිසුන්ට නම් කිසි නපුරක් නොකරන්න. ඒ මන්ද, මොවුහු මාගේ නිවසට පැමිණි අමුත්තෝ ය”යි කී ය.
2 සාමුවෙල් 13:13 - Sinhala New Revised Version එසේ කළොත්, මා මාගේ නින්දාව සඟවාගන්නේ කෙසේ ද? ඔබත් ඉශ්රායෙල්හි නින්දිතයන්ගෙන් එක් කෙනෙකු මෙන් වන්නෙහි ය. ඒ නිසා රජ්ජුරුවන්ට කතා කරන්න; ඔහු මා ඔබට නො දී සිටින්නේ නැතැ”යි කීවා ය. Sinhala New Revised Version 2018 එසේ කළොත්, මා මාගේ නින්දාව සඟවාගන්නේ කෙසේ ද? ඔබත් ඉශ්රායෙල්හි නින්දිතයන්ගෙන් එක් කෙනෙකු මෙන් වන්නෙහි ය. ඒ නිසා රජ්ජුරුවන්ට කතා කරන්න; ඔහු මා ඔබට නො දී සිටින්නේ නැතැ”යි කීවා ය. Sinhala Revised Old Version එසේ කළොත් මම මාගේ නින්දාව කොතැනට ගෙනයම්ද? නුඹත් ඉශ්‍රායෙල්හි නින්දිතයන්ගෙන් එක්කෙනෙකු මෙන් වන්නෙහිය. ඉන්නිසා රජ්ජුරුවන්ට කථාකරන්න; ඔහු මා නුඹට නොදී සිටින්නේ නැතැයි කීවාය. |
මෙන්න, කන්‍යා දූවරු දෙදෙනෙක් මට සිටිති. මම ඔවුන් ඔබ වෙත ගෙනෙන්නෙමි. ඔබ කැමැති පරිදි ඔවුන් සමඟ හැසිරෙන්න. එහෙත්, මේ මිනිසුන්ට නම් කිසි නපුරක් නොකරන්න. ඒ මන්ද, මොවුහු මාගේ නිවසට පැමිණි අමුත්තෝ ය”යි කී ය.
එහෙත්, සැබැවින් ම ඈ මාගේ සොහොයුරී ය. ඈ මගේ මවගේ නොව පියාගේ දුව ය. මම ඈ සමඟ විවාහ වුණෙමි.
ඔවුන් ඇගේ පියාගේ ගෘහයේ දොරකඩට ඇය ගෙනා පසු, නුවර මිනිසුන් ඇයට ගල් ගසා මරණයට පත් කළ යුතු ය. එසේ කළ යුත්තේ, ඇගේ පියාගේ ගෘහයේ දී ඈ වෙසඟනක ලෙස හැසිරෙමින්, ඉශ්රායෙල් ජනයා අතර නින්දිත දෙයක් කළ බැවිනි. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ.
මෙන්න, මෙහි මාගේ කන්‍යා දුවත්, ඒ මිනිසාගේ උපභාර්යාවත් සිටිති, මම දැන් ඔවුන් පිටතට ගෙනෙමි. ඔවුන් වසඟ කරගෙන ඔබ කැමැති දෙයක් ඔවුන්ට කරන්න. එහෙත්, මේ මිනිසාට ඒ නින්දිතකම නොකරන්නැ”යි කීවේ ය.