එවිට දාවිත් පණිවුඩකාරයාට කතා කොට, “ඔබ ජෝවාබ්ට මෙසේ කියන්න: ‘මේ කාරණය ගැන කණගාටු නොවන්න. මන්ද, කඩුව කවරෙකු නසන්නේ දැ යි කාට කිව හැකි ද? නගරයට තවත් දරුණු ලෙස පහර දී එය බිඳ හෙළන්න’ කියා ඔහුට ධෛර්ය දෙන්නැ”යි කී ය.
2 සාමුවෙල් 12:1 - Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ දාවිත් වෙත නාතාන් යැවූ සේක. ඔහු දාවිත් ළඟට අවුත් මෙසේ කී ය: “එක් නුවරක මනුෂ්‍යයෝ දෙදෙනෙක් සිටියහ. එක් කෙනෙක් ධනවතෙකි; අනික් තැනැත්තා දිළින්දෙකි. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ දාවිත් වෙත නාතාන් යැවූ සේක. ඔහු දාවිත් ළඟට අවුත් මෙසේ කී ය: “එක් නුවරක මනුෂ්‍යයෝ දෙදෙනෙක් සිටියහ. එක් කෙනෙක් ධනවතෙකි; අනික් තැනැත්තා දිළින්දෙකි. Sinhala Revised Old Version තවද ස්වාමීන්වහන්සේ දාවිත් වෙතට නාතාන් යැවූසේක. ඔහු දාවිත් ළඟට ඇවිත් කථාකොට: එක් නුවරක මනුෂ්‍යයෝ දෙදෙනෙක් සිටියෝය; එක්කෙනෙක් ධනවතෙක්ය, අනික් අය දිළින්දෙක්ය. |
එවිට දාවිත් පණිවුඩකාරයාට කතා කොට, “ඔබ ජෝවාබ්ට මෙසේ කියන්න: ‘මේ කාරණය ගැන කණගාටු නොවන්න. මන්ද, කඩුව කවරෙකු නසන්නේ දැ යි කාට කිව හැකි ද? නගරයට තවත් දරුණු ලෙස පහර දී එය බිඳ හෙළන්න’ කියා ඔහුට ධෛර්ය දෙන්නැ”යි කී ය.
මන්ද, බිම වැගුරුණු වතුර එකතු කරගන්නට බැරි ලෙස අප මැරෙන්නට ම ඕනෑ ය; දෙවියන් වහන්සේ වුව ද, මළ මිනිසෙකුට නැවත පණ නොදෙන සේක. එහෙත්, පිටුවහල් කළ මිනිසෙකු ආපසු ගෙන ඒමට මඟක් රජ්ජුරුවන්ට සොයාගත හැකි ය.
එහෙත්, ශාදොක් පූජකවරයා ද ජෙහෝයාදාගේ පුත් බෙනායා ද දිවැසිවර නාතාන් ද ෂිමෙයි සහ රේයි යන අය ද දාවිත්ගේ ආරක්ෂක පිරිස ද අදොනියා සමඟ නො වූ හ.
ජෙරොබෝවම් සුවඳ පූජා ඔප්පුකරමින්පූජාසනය ළඟ සිටිද්දී දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක්, සමිඳාණන් වහන්සේගේ ආඥාව පිට ජුදා සිට බෙතෙල් නගරයට පැමිණ,
බොහෝ කාලයකට පසු තුන් වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේගේ පණිවුඩය එලියා වෙත පැමිණ, “නුඹ ගොස් ආහබ් ඉදිරියෙහි පෙනී සිටින්න. මම පොළොව පිට වැස්ස එවන්නෙමි”යි කීවේ ය.
“නුඹ පිටත් ව සමාරියේ වසන ඉශ්රායෙල් රජු වන ආහබ් රජු හමුවන්න යන්න. ඔහු නාබොත්ගේ මිදි වත්ත අයිති කරගන්න එහි ගොස් සිටියි.
නාතාන්ගේ පුත් අශරියා ප්‍රාදේශිය ආණ්ඩුකාරයන්ගේ පාලකයා ය; නාතාන්ගේ පුත් පූජක සාබුද් රාජකීය පුරෝහිතයා ව සිටියේ ය.
එහෙත්, සමිඳාණන් වහන්සේගේ දූතයා තිෂ්බි ජාතික දිවැසිවර එලියාට කතා කොට, “නැඟිට සමාරියේ රජුගේ පණිවුඩකාරයන්ගේ පෙරමඟට ගොස්, ‘ඔබ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට යන්නේ, ඉශ්රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසා ද?
මුල පටන් අන්තිම දක්වා දාවිත් රජුගේ පුවත් එනම්, ඔහුගේ රාජ්‍ය පාලනය ද බලවන්තකම් ද ඔහුටත්, ඉශ්රායෙල්වරුන්ටත්,
එවිට දිවැසිවර යෙසායා, හෙසකියා වෙත ගොස්, “ඒ අය ආවේ කොහෙන් ද? ඔබට ඔවුන් කීවේ කුමක් දැ”යි ඇසී ය. “ඔව්හු දුර රටක් වන බබිලෝනියේ සිට ආවෝ ය”යි හෙසකියා පිළිතුරු දුන්නේ ය.