එවිට දුනුවායෝ පවුරේ සිට ඔබේ සේවකයන්ට විද්දෝ ය. රජ්ජුරුවන්ගේ සේවකයන් සමහරෙක් මළහ. ඔබේ සේවක හිත්තීය ජාතික උරියාත් මළේ ය”යි කී ය.
2 සාමුවෙල් 11:25 - Sinhala New Revised Version එවිට දාවිත් පණිවුඩකාරයාට කතා කොට, “ඔබ ජෝවාබ්ට මෙසේ කියන්න: ‘මේ කාරණය ගැන කණගාටු නොවන්න. මන්ද, කඩුව කවරෙකු නසන්නේ දැ යි කාට කිව හැකි ද? නගරයට තවත් දරුණු ලෙස පහර දී එය බිඳ හෙළන්න’ කියා ඔහුට ධෛර්ය දෙන්නැ”යි කී ය. Sinhala New Revised Version 2018 එවිට දාවිත් පණිවුඩකාරයාට කතා කොට, “ඔබ ජෝවාබ්ට මෙසේ කියන්න: ‘මේ කාරණය ගැන කණගාටු නොවන්න. මන්ද, කඩුව කවරෙකු නසන්නේ දැ යි කාට කිව හැකි ද? නගරයට තවත් දරුණු ලෙස පහර දී එය බිඳ හෙළන්න’ කියා ඔහුට ධෛර්ය දෙන්නැ”යි කී ය. Sinhala Revised Old Version එවිට දාවිත් පණිවිඩකාරයාට කථාකොට: නුඹ යෝවාබ්ට මෙසේ කියන්න–මේ කාරණය ගැන කනගාටු නොසිතන්න; මක්නිසාද කඩුව එකෙකු නසන්නාක් මෙන් අනිකෙකුද නසන්නේය. නුවරට විරුද්ධව සටන තව බලතරකොට ඒක බිඳහෙලන්න කියා ඔහුට ධෛර්ය දෙන්නැයි කීවේය. |
එවිට දුනුවායෝ පවුරේ සිට ඔබේ සේවකයන්ට විද්දෝ ය. රජ්ජුරුවන්ගේ සේවකයන් සමහරෙක් මළහ. ඔබේ සේවක හිත්තීය ජාතික උරියාත් මළේ ය”යි කී ය.
ඉශ්රායෙල්වරු ධෛර්ය වඩා, තමන් පළමු වන දවසෙහි පිළිවෙළින් සිටි ස්ථානයෙහි යළිත් යුද්ධය පිණිස සැරසී සිටියෝ ය.
ඉතින්, එය සිය දේශ සීමාවට යන මාර්ගයේ බෙත්-ෂෙමෙෂ්ට ගියොත්, මේ මහත් විපත්තිය අපට සිදු කෙළේ උන් වහන්සේ බව එයින් පෙනෙයි; එසේ නැත්නම්, අපට පහර දුන්නේ උන් වහන්සේ නොව, එය ඉබේ ම අපට පැමිණි දෙයක් බව අපට පෙනෙනු ඇතැ”යි කීවෝ ය.