ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 10:8 - Sinhala New Revised Version

අම්මොන්වරු පිටතට අවුත්, දොරටුව ළඟ යුද්ධය සඳහා පෙළගැසී සිටියහ. ශෝබාහි ද රෙහොබ්හි ද සිරියන්වරුත්, ටෝබ්හි ද මයකාහි ද මිනිස්සුත් එළිමහනේ භූමියෙහි වෙන වෙන ම සිටගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අම්මොන්වරු පිටතට අවුත්, දොරටුව ළඟ යුද්ධය සඳහා පෙළගැසී සිටියහ. ශෝබාහි ද රෙහොබ්හි ද සිරියන්වරුත්, ටෝබ්හි ද මයකාහි ද මිනිස්සුත් එළිමහනේ භූමියෙහි වෙන වෙන ම සිටගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අම්මොන් පුත්‍රයෝ පිටතට ඇවිත් දොරටුව ළඟ යුද්ධයට පිළිවෙළින් සිටියෝය; ශෝබාහිද රෙහෝබ්හිද ටෝබ්හිද මයකාහිද මනුෂ්‍යයොත් භූමියෙහි වෙනම සිටියෝය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 10:8
13 හුවමාරු යොමු  

තවද, අම්මොන්වරු තමන් දාවිත් රජුට සතුරු වූ බව දැක, පණිවුඩකාරයන් යවා, බෙත්-රෙහොබ්හි සිරියන්වරුන්ගෙනුත්, ශෝබාහි සිරියන්වරුන්ගෙනුත් පාබළ සෙනඟ විසිදහසක් ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජු ද ටෝබ්හි මිනිසුන් දොළො‍ස්දහසක් ද කුලියට ගත්හ.


දාවිත් ඒ අසා, ජෝවාබ් හා බලවන්තයන් වන මුළු සේනාව යැවී ය.


පෙරටුවෙන් ද පිටු පසින් ද සටන තමාට විරුද්ධ ව යොමු ව තිබෙන බව ජෝවාබ් දැක, සියලු බලවන්ත ඉශ්රායෙල්වරුන් අතරෙන් කොටසක් තෝරාගෙන සිරියන්වරුන්ට විරුද්ධ ව සිටුවා,


මයකාතිය ජාතිකයාගේ පුත් වන අහස්බයිගේ පුත් එලිපෙලෙත් ය; ගිලොනිය අහිතොපෙල්ගේ පුත් එලියාම් ය;


දාවිත් ශෝබායේ මිනිසුන් මරාදමන කල ඔහු තමා ළඟට මිනිසුන් කීප දෙනෙකු රැස් කරගෙන මංකොල්ලකාර හමුදාවක අධිපතියා විය. ඔව්හු දමස්කයට ගොස් එහි වාසය කරමින් දමස්කයෙහි රජකම් කළෝ ය.


මෙසේ ඔව්හු රථ තිස්දෙදහසක් ද මයකාහි රජු ද ඔහුගේ සෙනඟ ද කුලියට ගත්තෝ ය. ඔව්හු අවුත් මෙදිබා ඉදිරිපිට කඳවුරු බැඳගත්හ. අම්මොන්වරුත් තමන්ගේ නගරවලින් පිටත් ව එහි රැස් වී සටනට ආවෝ ය.


අම්මොන්වරු ද පිටතට අවුත් නගර දොරටුව ළඟ සටනට පෙළ ගැසී සිටියෝ ය. එහෙත්, පැමිණි රජවරු එළිමහනෙහි ඈත් වී සිටියෝ ය.


නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද කාරේයාගේ පුත් ජොහානාන් හා ජොනතන් ද තන්හුමෙත්ගේ පුත් සෙරායා ද නෙටොපාතියා ඒපයිගේ පුත්‍රයෝ ද මයකාතියයාගේ පුත් ජෙසනියා ද ඔවුන්ගේ සෙනඟ ද මිශ්පා නගරයේ සිටි ගෙදලියා වෙත ආහ.


එවිට ඔව්හු උතුරට ගොස්, ශීන් නම් පාළුකරයේ සිට හමාත් නම් දුර්ගයේ පිහිටි රෙහොබ් දක්වා වූ රටෙහි ඔත්තු බැලූ හ.


ඒබ්‍රොන් ද රෙහොබ් ද හම්මොන් ද කානා ද මහ සීදොන් ද දක්වා විය.


ආෂෙර් ගෝත්‍රයේ වැසියෝ අක්කෝහිත්, සීදොන්හිත්, අහ්ලාබ්හිත්, අක්ශිබ්හිත්, හෙල්බාහිත්, අපෙක්හිත්, රෙහොබ්හිත් වැසියන් පන්නා නොදැමුවෝ ය.


එවිට ජෙප්තා තමාගේ සහෝදරයන් ඉදිරියෙන් පලා ගොස් ටෝබ් දේශයේ වාසය කෙළේ ය. කමකට නැති මිනිස්සු ජෙප්තාට එකතු වී ඔහු කැටුව ගියෝ ය.


අම්මොන්වරුන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන විට, ගිලියද් දේශයේ ප්‍රජා මූලිකයෝ ටෝබ් දේශයෙන් ජෙප්තා කැඳවාගෙන එන්නට ගොස්,