2 සාමුවෙල් 10:11 - Sinhala New Revised Version ඔහුට කතා කොට, “සිරියන්වරුන් මට වඩා බලවන්ත වූවොත් ඔබ මට උපකාර කරන්න; අම්මොන්වරුන් ඔබට වඩා බලවන්ත වූවොත් මම අවුත් ඔබට උපකාර කරන්නෙමි. Sinhala New Revised Version 2018 ඔහුට කතා කොට, “සිරියන්වරුන් මට වඩා බලවන්ත වූවොත් ඔබ මට උපකාර කරන්න; අම්මොන්වරුන් ඔබට වඩා බලවන්ත වූවොත් මම අවුත් ඔබට උපකාර කරන්නෙමි. Sinhala Revised Old Version සිරියවරුන් මට වඩා බලවත්වුණොත් නුඹ මට උපකාරකරන්න. අම්මොන් පුත්‍රයන් නුඹට වඩා බලවත්වුණොත් මම ඇවිත් නුඹට උපකාරකරන්නෙමි. |
අපේ සෙනඟ උදෙසාත්, අපේ දෙවියන් වහන්සේගේ නගර උදෙසාත් ධෛර්යවත් වී සිටින්න; ස්ථිර ව සිටින්න; සමිඳාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වේවා”යි කී ය.
යම් තැනකින් ඔබට හොරණෑ ශබ්දය ඇසේ ද, එතැන සිට අප ළඟට රැස් වන්න. අපේ දෙවියන් වහන්සේ අප උදෙසා සටන් කරන සේකැ”යි කීමි.
එහෙත්, ඔබේ ඇදහිල්ල නොබිඳෙන පිණිස ඔබ උදෙසා මම යාච්ඤා කෙළෙමි. ඔබ යළිත් හැරුණු පසු, ඔබේ සහෝදරයන් ධෛර්යවත් කරන්නැ”යි වදාළ සේක.
තවද ඇදහිල්ලෙහි ශක්තිමත් වූ අපි, අප ගැන ම නොසිතා ඇදහිල්ලෙහි දුර්වල වූවන්ගේ ප්‍රමාද දෝෂ ඉවසීමෙන් දරාගනිමු.