ඔව්හු හැරී ඇවිත් කාදෙෂ් හෙවත් ‘විමංසන-උල්පත’ යන අර්ථය ඇති ඒන්-මිෂ්පාට් දක්වා පැමිණ, අමලෙක්වරුන්ගේ මුළු දේශය ද, හශශොන්-තාමාර්හි විසූ අමෝරිවරුන් ද පරාජය කළහ.
2 සාමුවෙල් 1:1 - Sinhala New Revised Version සාවුල්ගේ මරණයෙන් පසු දාවිත් අමලෙක්වරුන් නසා, පෙරළා අවුත් දෙදවසක් ශික්ලග්හි නැවතී සිටියේ ය. Sinhala New Revised Version 2018 සාවුල්ගේ මරණයෙන් පසු දාවිත් අමලෙක්වරුන් නසා, පෙරළා අවුත් දෙදවසක් ශික්ලග්හි නැවතී සිටියේ ය. Sinhala Revised Old Version තවද සාවුල් මැරුණු පසු, දාවිත් අමලෙක්වරුන් නසා හැරී ඇවිත් ශික්ලග්හි දෙදවසක් සිටියායින් පසු, |
ඔව්හු හැරී ඇවිත් කාදෙෂ් හෙවත් ‘විමංසන-උල්පත’ යන අර්ථය ඇති ඒන්-මිෂ්පාට් දක්වා පැමිණ, අමලෙක්වරුන්ගේ මුළු දේශය ද, හශශොන්-තාමාර්හි විසූ අමෝරිවරුන් ද පරාජය කළහ.
ආකීෂ් රජු ද ඒ දවසේ දී ශික්ලග් නුවර දාවිත්ට දුන්නේ ය. ඒ නිසා ශික්ලග් නුවර අද දක්වා ජුදාහි රජවරුන්ට අයිති ය.
දාවිත් සහ ඔහුගේ සෙනඟ තුන් වන දා ශික්ලග් නගරයට පැමිණියහ. ඊට පෙර අමලෙක්වරු දකුණු දිශාවටත්, ශික්ලග්ටත් විරුද්ධ ව අවුත්, ශික්ලග්ට පහර දී ඒ නගරය ගින්නෙන් දවාදමා,
එවිට සාවුල් තම ආයුධ රැගෙන යන්නාට කතා කොට, “අර අචර්මඡේදිතයන් ඇවිත් මට ඇන අවනම්බු නොකරන පිණිස කඩුව ඇද මට අනින්නැ”යි කී ය. එහෙත්, ඔහුගේ ආයුධ ගෙනයන්නා එසේ කිරීමට කැමැති නො වී ය. මන්ද, ඔහු ඉතා බිය ව සිටියේ ය. එවිට සාවුල් තමාගේ කඩුව රැගෙන එය පිට වැටී මැරුණේ ය.
මෙසේ සාවුල් ද ඔහුගේ පුත්‍රයන් තිදෙනා ද ඔහුගේ ආයුධ ගෙනයන්නා ද ඔහුගේ සියලු සෙනඟ ද ඒ දවසේ දී එක විට ම මරණයට පත් වූ හ.