අබ්සලොම් පලා ගියේ ය. රැකවලේ සිටි තරුණයා හිස ඔසවා බැලූ විට, විශාල සෙනඟක් කන්දේ පැත්තකින් හොරානායිම් මාර්ගයේ එනවා දුටුවේ ය.
2 රාජාවලිය 9:17 - Sinhala New Revised Version ජෙශ්‍රෙයෙල්හි කොටුව උඩ සිටි මුරකාරයා ජේහුගේ හමුදාව එනු දැක, “හමුදාවක් මට පෙනේ ය”යි කී ය. ජෝරාම් ද, “ඔබ අසරුවෙකුට අඬගසා ‘ඔබ එන්නේ සාමදානයෙන් දැ’යි අසන්නට ඔවුන්ගේ පෙරමඟට යවන්නැ”යි කී ය. Sinhala New Revised Version 2018 ජෙශ්‍රෙයෙල්හි කොටුව උඩ සිටි මුරකාරයා ජේහුගේ හමුදාව එනු දැක, “හමුදාවක් මට පෙනේ ය”යි කී ය. ජෝරාම් ද, “ඔබ අසරුවෙකුට අඬගසා ‘ඔබ එන්නේ සාමදානයෙන් දැ’යි අසන්නට ඔවුන්ගේ පෙරමඟට යවන්නැ”යි කී ය. Sinhala Revised Old Version යෙස්‍රෙයෙල්හි කොටුව උඩ සිටි මුරකාරයා යේහුගේ හමුදාව එනවා දැක: හමුදාවක් මට පෙනේයයි කීය. යෝරාම්ද: නුඹ අසරුවෙකුට අඬගසා–සමාදානයෙන්දැයි අසන්ට ඔවුන්ගේ පෙරමගට අරින්නැයි කීවේය. |
අබ්සලොම් පලා ගියේ ය. රැකවලේ සිටි තරුණයා හිස ඔසවා බැලූ විට, විශාල සෙනඟක් කන්දේ පැත්තකින් හොරානායිම් මාර්ගයේ එනවා දුටුවේ ය.
දාවිත් වාසල් දොරටු දෙක අතර වාඩි වී සිටියේ ය. මුරකාරයා පවුරේ දොරටුව උඩ තිබුණ පියස්සට ගියේ ය. ඔහු හිස ඔසවා බැලූ විට, මිනිසෙකු තනියම දුවගෙන එනු දුටුවේ ය.
එවිට ඔහු කතා කරමින්, “රාජ්‍යය මට ලැබෙන්‍නට තිබුණු බවත්, මා රජකම් කරනු ඇත කියා සියලු ඉශ්රායෙල්වරුන් මා ගැන බලා සිටි බවත් ඔබ දන්නෙහි ය. එහෙත්, රජකම වෙනස් වී මාගේ සහෝදරයාට එය අත් විය. මන්ද, එය ඔහුට සමිඳාණන් වහන්සේගෙන් ලැබුණු බැවිනි.
ඔව්හු අශ්වයන් යෙදූ රථ දෙකක් ගත්තෝ ය. “එහි ගොස් බලන්න” කියා රජ සිරියන් සේනාව පස්සේ ඔවුන් යැවී ය.
එකල ජේහු තම ස්වාමියාගේ සේවකයන් වෙත ආවේ ය. එක් කෙනෙක් කතා කොට, “සියල්ල හොඳින් තේරුණා ද? ඒ පිස්සා ඔබ ළඟට ආවේ කුමක්නිසා දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “ඒ මනුෂ්‍යයාත්, ඔහුගේ කතාවත් ඔබ දන්නවා නොවේ දැ”යි ඔවුන්ට කී ය.
රථයට නැඟ ජෙශ්‍රෙයෙල්ට ගියේ ය. කුමක් නිසා ද ජෝරාම් එහි ඔත්පල ව සිටියේ ය. ජුදාහි රජ වූ අහසියා ද ජෝරාම් බලන්නට එහි අවුත් සිටියේ ය.
මෙසේ එක් කෙනෙක් අශ්වයෙකු පිට නැඟී ඔහුගේ පෙරමඟට ගොස්, “ ‘ඔබ එන්නේ සාමදානයෙන් දැ’යි රජ අසන්නේ ය”යි කී ය. ජේහු ද, “සාමදානයෙන්; ඔබට ඇති වැඩය කුමක් ද? හැරී මා පස්සෙන් එන්නැ”යි කී ය. මුරකාරයා කතා කොට, “පණිවුඩකාරයා ඔවුන් ළඟට පැමිණි නමුත් ආපසු නොඑන්නේ ය”යි කී ය.
එවිට ඔහු දෙ වන අසරුවෙකු යැවී ය. ඔහු ද ඔවුන් ළඟට අවුත්, “ ‘ඔබ එන්නේ සාමදානයෙන් ද’ කියා රජ අසන්නේ ය”යි කී ය. ජේහු ද, “සාමදානයෙන්; ඔබට ඇති වැඩය කුමක් ද? හැරී මා පස්සෙන් එන්නැ”යි කී ය.
සෙනඟගේ මුරකාරයන් සියල්ලෝ ම අන්ධ ය. කිසිවක් දන්නේ නැති ඔව්හු බුරන්න බැරි ගොළු බල්ලන් වැනි ය. බල්ලන් මෙන් ලැග හිඳිමින් හීන දකිති. නිදාගන්න ඉතා කැමැති ය.
එම්බා ජෙරුසලම! නුඹේ පවුරු පිට මම මුරකරුවන් සිටෙව්වෙමි. ඔව්හු රෑ වත්, දාවල් වත් කිසිසේත් නිශ්ශබ්ද නොවන්නෝ ය. සමිඳුන් අයැදින ඔබ විවේක නොගන්න.
සාමුවෙල් සමිඳාණන් වහන්සේ වදාළ දේ කරමින්, බෙත්ලෙහෙමට පැමිණියේ ය. එවිට නගරයේ ප්‍රජා මූලිකයෝ වෙවුලමින් ඔහු හමු වන්නට අවුත්, “ඔබ එන්නේ සාමදානයෙන් දැ”යි ඇසූ හ.
දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම් කරන්නා අතට දී, සේනාව ළඟට දිව ගොස් තමාගේ සහෝදරයන්ට ආචාර කෙළේ ය.