ඒ අධිපතියා ඔහුට උත්තර දෙමින්, “බලන්න, සමිඳාණන් වහන්සේ අහසේ කවුළු සාදා වැසි එව්වත් එබඳු දෙයක් සිදු විය හැකි දැ”යි කීවේ ය. එලිෂා කතා කොට, “ඔබ එය ඔබේ ඇස්වලින් දකින්නෙහි ය. එහෙත්, එයින් නොකන්නෙහි ය”යි කී ය.
2 රාජාවලිය 7:20 - Sinhala New Revised Version එසේ ම සිදු විය. ඔහු දොරටුවේ දී සෙනඟට පෑගී මළේ ය. Sinhala New Revised Version 2018 එසේ ම සිදු විය. ඔහු දොරටුවේ දී සෙනඟට පෑගී මළේ ය. Sinhala Revised Old Version එසේම ඔහුට සිද්ධවිය; ඔහු දොරටුවේදී සෙනඟට පෑගී මැරුණේය. |
ඒ අධිපතියා ඔහුට උත්තර දෙමින්, “බලන්න, සමිඳාණන් වහන්සේ අහසේ කවුළු සාදා වැසි එව්වත් එබඳු දෙයක් සිදු විය හැකි දැ”යි කීවේ ය. එලිෂා කතා කොට, “ඔබ එය ඔබේ ඇස්වලින් දකින්නෙහි ය. එහෙත්, එයින් නොකන්නෙහි ය”යි කී ය.
තවද, එලිෂා විසින් නැවත පණ දෙන ලද ළමයාගේ මවුට ඔහු කතා කොට, “ඔබේ ගෙවැසියන් සමඟ ඔබ පිටත් ව ගොස් ඔබට නැවතී සිටින්න පුළුවන් තැනක සිටින්න. මන්ද, සමිඳාණන් වහන්සේ සාගතයක් නියම කර තිබේ. එය සත් අවුරුද්දක් දේශයෙහි පවතිනු ඇතැ”යි කී ය.
ඔව්හු පසු දා අලුයම නැඟිට තෙකෝවා පාළුකරයට පිටත් ව ගියෝ ය. ඔවුන් පිටත් වෙද්දී ජෙහෝෂාපාට් නැඟිට කතා කොට, “ජුදාවරුනි, ජෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. එවිට ඔබ සුරක්ෂිත වන්නහු ය. උන් වහන්සේගේ දිවැසිවරුන් විශ්වාස කරන්න. එවිට ඔබ ජයග්‍රාහී වන්නහු ය”යි කීවේ ය.
මාගේ සේවකයා ප්‍රකාශයක් කළ විට, මාගේ අදහස් දන්වන පිණිස දූතයෙකු එවූ විට ඒවා ඉෂ්ට වන්න සලස්වන්නේත් මම ය. ජෙරුසලමට කතා කොට එහි සෙනඟ නැවතත් ප්‍රාණවත් කරන බවත්, ජුදා නගරවලට කතා කොට, නටබුන් වූ නගර නැවත ගොඩනඟන බවත් කියන්නේ මම ය.
ඉශ්රායෙල් සමාරිය නම් නගරයට වඩා බලවත් නොවේ; සමාරිය පෙකා රජුට වඩා බලවත් නොවේ. නුඹේ විශ්වාසය ස්ථිර නොවේ නම්, නුඹේ පැවැත්ම ස්ථිර වන්නේ නැත.”
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි මගේ ශුද්ධ බල මහිමය පිළිගන්නා තරමට නුඹලා මා කෙරෙහි විශ්වාසය නොතැබූ බැවින්, මා මේ සෙනඟට දීමට පොරොන්දු වූ දේශයට නුඹලා ඔවුන් ගෙන නොයන්නහු ය”යි වදාළ සේක.