2 රාජාවලිය 7:12 - Sinhala New Revised Version රජ තෙමේ රාත්‍රියේ නැඟිට, තමාගේ සේවකයන්ට කතා කොට, “ඉතින් සිරියන්වරුන් අපට කර තිබෙන කාරණය ඔබට දන්වමි. අපට කුසගිනි ඇති බව ඔව්හු දනිති. එබැවින් අප නුවරින් පිටත ආ කල ඔව්හු අප පණපිටින් අල්ලා, නුවරට ඇතුළු වන්නට සිතාගෙන පිටත සැඟවී ඉන්න කඳවුර අත්හැර ගියෝ ය”යි කීවේ ය. Sinhala New Revised Version 2018 රජ තෙමේ රාත්‍රියේ නැඟිට, තමාගේ සේවකයන්ට කතා කොට, “ඉතින් සිරියන්වරුන් අපට කර තිබෙන කාරණය ඔබට දන්වමි. අපට කුසගිනි ඇති බව ඔව්හු දනිති. එබැවින් අප නුවරින් පිටත ආ කල ඔව්හු අප පණපිටින් අල්ලා, නුවරට ඇතුළු වන්නට සිතාගෙන පිටත සැඟවී ඉන්න කඳවුර අත්හැර ගියෝ ය”යි කීවේ ය. Sinhala Revised Old Version රජතෙමේ රාත්‍රියේ නැගිට තමාගේ සේවකයන්ට කථාකොට: ඉතින් සිරියවරුන් අපට කර තිබෙන කාරණය නුඹලාට දන්වමි. අපට බඩගිනි ඇති බව ඔව්හු දනිති; එබැවින් අප නුවරින් පිටත ආ කල ඔව්හු අප පණපිටින් අල්ලා නුවරට ඇතුල්වෙන්ට සිතාගෙන පිටත සැඟවී ඉන්ට කඳවුර අත්හැර ගියෝයයි කීවේය. |
සේවකයන්ගෙන් එක් කෙනෙක් උත්තර දෙමින්, “නුවර ඉතිරි ව සිටින අශ්වයන්ගෙන් පස්දෙනෙකු රැගෙන කඳවුර බැලීම සඳහා මනුෂ්‍යයන් යවමු. මෙහි ඉතිරි ව සිටින මුළු ඉශ්රායෙල් සමූහය මෙන් ඔවුන් ද මැරෙනු ඇතැ”යි කී ය.
ඔවුන්ට ඔහු මෙසේ අණ කෙළේ ය: “බලන්න, ඔබ හැම නගරයට එහායින් සැඟවී සිටින්න; නගරයෙන් වැඩි දුර නොගොස්, සියල්ලන් ම සූදානම් වී සිටිය යුතු ය.