මෙසේ ඔව්හු අවුත් නුවර දොරටු පාලකයන්ට හඬගසා කතා කොට, “අපි සිරියන්වරුන්ගේ කඳවුරට ගියෙමු. එහි කිසි මනුෂ්‍යයෙක් වත්, මනුෂ්‍ය හඬක් වත් නැත. බඳින ලද අශ්වයෝත්, කොටළුවෝත් සිටිති. කූඩාරම් ද තිබුණු හැටියට ම තිබේ ය”යි ඔවුන්ට දැන්නූ හ.
2 රාජාවලිය 7:11 - Sinhala New Revised Version දොරටු පාලකයෝ හඬගසා රජ ගෙදර වැසියන්ට එපවත් දැන්නූ හ. Sinhala New Revised Version 2018 දොරටු පාලකයෝ හඬගසා රජ ගෙදර වැසියන්ට එපවත් දැන්නූ හ. Sinhala Revised Old Version දොරටුපාලයෝ හඬගසා රජ ගෙදර වැසියන්ට දැන්නුවෝය. |
මෙසේ ඔව්හු අවුත් නුවර දොරටු පාලකයන්ට හඬගසා කතා කොට, “අපි සිරියන්වරුන්ගේ කඳවුරට ගියෙමු. එහි කිසි මනුෂ්‍යයෙක් වත්, මනුෂ්‍ය හඬක් වත් නැත. බඳින ලද අශ්වයෝත්, කොටළුවෝත් සිටිති. කූඩාරම් ද තිබුණු හැටියට ම තිබේ ය”යි ඔවුන්ට දැන්නූ හ.
රජ තෙමේ රාත්‍රියේ නැඟිට, තමාගේ සේවකයන්ට කතා කොට, “ඉතින් සිරියන්වරුන් අපට කර තිබෙන කාරණය ඔබට දන්වමි. අපට කුසගිනි ඇති බව ඔව්හු දනිති. එබැවින් අප නුවරින් පිටත ආ කල ඔව්හු අප පණපිටින් අල්ලා, නුවරට ඇතුළු වන්නට සිතාගෙන පිටත සැඟවී ඉන්න කඳවුර අත්හැර ගියෝ ය”යි කීවේ ය.