ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 6:8 - Sinhala New Revised Version

සිරියාවේ රජ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන විට තමාගේ සේවකයන් සමඟ මන්ත්‍රණය කරමින්, “අසවල්, අසවල් තැන මාගේ කඳවුරු විය යුතු ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සිරියාවේ රජ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන විට තමාගේ සේවකයන් සමඟ මන්ත්‍රණය කරමින්, “අසවල්, අසවල් තැන මාගේ කඳවුරු විය යුතු ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සිරියේ රජ ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන විට තමාගේ සේවකයන් සමඟ මන්ත්‍රණයකරමින්: අසවල් අසවල් තැන මාගේ කඳවුර විය යුතුයයි කීවේය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 6:8
13 හුවමාරු යොමු  

සිරියාවේ රජ වන බෙන්‍-හදද් සිය මුළු සේනාව රැස් කොට, තවත් රජවරුන් තිස්දෙදෙනෙකු ද අශ්වයන් ද අශ්වරථ ද සමඟ අවුත් සමාරිය වටලා ඊට විරුද්ධ ව යුද්ධ කෙළේ ය.


තවද, සිරියාවේ රජුගේ සේවකයෝ ඔහුට කතා කොට, “ඔවුන්ගේ දෙවියෝ කඳුවල දෙවි කෙනෙකි. එබැවින් ඔව්හු අපට වඩා බලවත් වූවෝ‍ ය. එහෙත්, සම භූමියෙහි අපි ඔවුන්ට විරුද්ධ ව සටන් කරමු නම්, අපි සැබැවින් ම ඔවුන් පරාජය කරන්නෙමු.


බෙන්‍-හදද් ද කතා කරමින්, “මාගේ පියාණන් විසින් ඔබේ පියාණන්ගෙන් ගන්න ලද නගර ආපසු දෙන්නෙමි. මාගේ පියාණන් සමාරියෙහි වෙළෙඳ පොළවල් සෑදූ ලෙස ඔබට ද දමස්කයෙහි සාදාගන්න පුළුවනැ”යි කීවේ ය. ආහබ් ද කතා කොට, “මම ද මේ ගිවිසුම පිට ඔබ යන්න හරිමි”යි ඔහු සමඟ ගිවිසුමක් කර ඔහු යන්නට හැරියේ ය.


සිරියාවේ වැසියන් හා ඉශ්රායෙල්වරුන් අතර තුන් අවුරුද්දක් සාමය පැවතිණි.


සිරියාවේ රජු තමාගේ රථාධිපතීන් තිස්දෙදෙනාට කතා කොට, “ඔබ ඉශ්රායෙල් රජුට විරුද්ධ ව මිස ලොකු කුඩා වෙන කිසිවෙකුට විරුද්ධ ව සටන් නොකරන්නැ”යි අණ කර තිබිණි.


ඉන්පසු සිරියාවේ රජ වන බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස් කරගෙන විත් සමාරිය වටලාගත්තේ ය. මහා සාගතයක් සමාරියෙහි විය.


ඔහු ද කතා කොට, “ඒක ගන්නැ”යි කී විට ඔහු අත දිගු කර එය ගත්තේ ය.


දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ද, “සිරියන්වරුන් අසවල් තැනට බැස එන නිසා ඒ ළඟින් නොයන හැටියට බලාගත මැනව”යි ඉශ්රායෙල් රජුට දන්වමින් අනතුරු ඇඟවී ය.


හොඳ අවවාද ඇති විට ඔබට සඵලය ඇත; සියුම් සැලසුම නැති ව රණබිමට නොයන්න.


ප්‍රඥාව, තීක්ෂණ ඥානය, අනුශාසනය, සමිඳුන්ට විරුද්ධ නම්, මේවායින් වැඩක් නැත.


එක් ව මන්ත්‍රණය කරන්න; එහෙත්, ඒවා නිෂ්ඵල වන්නේ ය. ඇති තරම් කතා කරන්න. එහෙත්, ඒවා නිෂ්ඵල වන්නේ ය. මන්ද, දෙවියන් වහන්සේ අප සමඟ ය.