එහෙත්, ළමයාගේ මවු, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත්හැර නොයමි”යි දිවුරා කීවා ය. එවිට ඔහු පිටත් වී ඈ පසුපස ගියේ ය.
2 රාජාවලිය 6:3 - Sinhala New Revised Version එක් කෙනෙක්, “ඔබ ද, ඔබේ මෙහෙකරුවන් සමඟ යන්න සතුටු වුව මැනවැ”යි කී ය. “මම යමි”යි ඔහු ඔවුන් සමඟ ගියේ ය. Sinhala New Revised Version 2018 එක් කෙනෙක්, “ඔබ ද, ඔබේ මෙහෙකරුවන් සමඟ යන්න සතුටු වුව මැනවැ”යි කී ය. “මම යමි”යි ඔහු ඔවුන් සමඟ ගියේ ය. Sinhala Revised Old Version එක්කෙනෙක්: ඔබද ඔබගේ මෙහෙකරුවන් සමඟ යන්ට සතුටුවුවමැනවැයි කීවේය. මම යමියි කියා, ඔහු ඔවුන් සමඟ ගියේය. |
එහෙත්, ළමයාගේ මවු, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත්හැර නොයමි”යි දිවුරා කීවා ය. එවිට ඔහු පිටත් වී ඈ පසුපස ගියේ ය.
නාමන් ද කතා කොට, “ඔබ රිදී කාසි හයදාහක් ගන්නට සතුටු වන්නැ”යි ඔහුට පෙරැත්ත කර, රිදී කාසි හයදාහක් මලු දෙකක බැඳ, ඇඳුම් කුට්ටම් දෙකකුත් තමාගේ වැඩකාරයන් දෙදෙනෙකු පිට තැබුවේ ය. ඔව්හු ඔහුට පෙරටුවෙන් ඒවා උසුලාගෙන ගියෝ ය.
ජොර්දානය ළඟට ගොස්, එතැනින් එක් එක්කෙනා ලීයක් බැගින් රැගෙන අපේ වාසයට එහි ස්ථානයක් සාදාගන්න අපට අවසර ලැබේ වා”යි කී හ. “යන්නැ”යි ඔහු පිළිතුරු දිනි.
එවිට ඔහු උන් වහන්සේ අමතමින්, “ඔබ අප සමඟ නොඑන සේක් නම්, මෙතැනින් නික්ම යාමට අපට ඉඩ නොහැරිය මැනව.
මෙසේ ඔව්හු දෙදෙන හිඳගෙන එක් ව ආහාර පාන ගත්හ. තවද, තරුණියගේ පියා ඒ මිනිසාට කතා කොට, “අනේ, අද රාත්‍රියේත් කරුණාකර නවතින්න; එසේ නැවතී සොම්නස් වන්නැ”යි ඒ මිනිසාට කීවේ ය.
බාරාක් ඈට පිළිතුරු දෙමින්, “ඔබ මා සමඟ යන්නෙහි නම් මමත් යන්නෙමි; ඔබ මා සමඟ නොයන්නෙහි නම් මමත් නොයන්නෙමි”යි කී ය.