දමස්කයෙහි ගංගා වන අබානා සහ පර්පර් ඉශ්රායෙල් දේශයේ සියලු ගංගා ජලයට වඩා හොඳ නොවේ ද? ඒවායේ ස්නානය කොට පවිත්‍රවන්න මට බැරි දැ”යි ඇසී ය. මෙසේ ඔහු කෝපයෙන් හැරී ගියේ ය.
2 රාජාවලිය 5:17 - Sinhala New Revised Version එවිට නාමන්, “එසේ නැත්නම්, කොටළුවන් දෙන්නෙකුට ගෙන යත හැකි බරට පස් වත් ඔබේ මෙහෙකරුවාට ලැබේ වා. මන්ද, මින් මතු ඔබේ මෙහෙකරුවා සමිඳාණන් වහන්සේට මිස වෙන දෙවිවරුන්ට දවන යාග පූජාවක් වත්, යාගයක් වත් ඔප්පු කරන්නේ නැත. Sinhala New Revised Version 2018 එවිට නාමන්, “එසේ නැත්නම්, කොටළුවන් දෙන්නෙකුට ගෙන යත හැකි බරට පස් වත් ඔබේ මෙහෙකරුවාට ලැබේ වා. මන්ද, මින් මතු ඔබේ මෙහෙකරුවා සමිඳාණන් වහන්සේට මිස වෙන දෙවිවරුන්ට දවන යාග පූජාවක් වත්, යාගයක් වත් ඔප්පු කරන්නේ නැත. Sinhala Revised Old Version එවිට නාමන්: එසේ නැත්නම් අශ්වතරයන් දෙන්නෙකුගේ බරට පස්වත් ඔබගේ මෙහෙකරුවාට ලැබේවා; මක්නිසාද මින් මතු ඔබගේ මෙහෙකරුවා ස්වාමීන්වහන්සේට මිස වෙන දෙවිවරුන්ට දවන පූජාවක්වත් යාගයක්වත් ඔප්පුකරන්නේ නැත. |
දමස්කයෙහි ගංගා වන අබානා සහ පර්පර් ඉශ්රායෙල් දේශයේ සියලු ගංගා ජලයට වඩා හොඳ නොවේ ද? ඒවායේ ස්නානය කොට පවිත්‍රවන්න මට බැරි දැ”යි ඇසී ය. මෙසේ ඔහු කෝපයෙන් හැරී ගියේ ය.
මේ කාරණය ගැන සමිඳාණන් වහන්සේ ඔබේ මෙහෙකරුවාට කමා වන සේක් වා! එනම්, මාගේ ස්වාමියා, රිම්මොන්ගේ දේවාලයෙහි වඳින්නට මාගේ අතේ හේත්තු වී එහි යන විට මාත් රිම්මොන්ගේ දේවාලයෙහි දී වැන්දොත්, එසේ වඳින විට සමිඳාණන් වහන්සේ ඒ කාරණය ගැන ඔබේ මෙහෙකරුවාට කමා වන සේක් වා”යි කී ය.
පස්වලින් පූජාසනයක් මට තනා, එය මත නුඹලාගේ දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද නුඹලාගේ බැටළුවන් ද ගවයන් ද පූජා කළ යුතු ය. තවද, මාගේ නාමය සිහි කරනු ලබන සෑම ස්ථානයක දී ම මම නුඹලා වෙත පැමිණ නුඹලාට ආශීර්වාද කරමි.
මා අදහාගැනීමෙන් ඔවුන් පව් කමාව ද, දෙවියන් වහන්සේගේ ම ජනතාව අතරෙහි උරුමයක් ද ලබන පිණිස ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයට ද, සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතට ද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පැහැදවීමට ඔවුන් වෙතට ඔබ යවමි’යි වදාළ සේක.
ඇදහිල්ලෙහි දුර්වල තැනැත්තා සතුටින් පිළිගන්න; එසේ කළ යුත්තේ ඔහු දරන මත ගැන වාද විවාද කිරීම පිණිස නොවේ.
අප ඔබ වෙත පැමිණි විට ඔබ අප පිළිගත් ආකාරය ගැන ද, ජීවමාන වූ සත්‍ය වූ දෙවියන් වහන්සේට සේවය කරනු පිණිස ඔබ දේවතා වන්දනාවෙන් දෙවියන් වහන්සේ වෙතට හැරුණු අන්දම ගැන ද ඔව්හු ම කතා කරති.
මන්ද, විජාතීන් කැමැති දේ කිරීමට පසුගිය කාලයේ දී ඔබටත් ඇති තරම් කල් වේලා තිබිණි. ඒ කාලයේ දී ඔබ අනාචාරකමින් ද සල්ලාලකමින් ද බීමත්කමින් ද අශෝභන උත්සවවලින් ද මධුපානෝත්සවවලින් ද පිළිකුල් රූප ඇදහිල්ලෙන් ද ජීවිතය ගත කළහු ය.