2 රාජාවලිය 4:33 - Sinhala New Revised Version එවිට ඔහු ඇතුළු වී ඔවුන් දෙදෙනා සිටිද්දී දොර වසාගෙන සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. Sinhala New Revised Version 2018 එවිට ඔහු ඇතුළු වී ඔවුන් දෙදෙනා සිටිද්දී දොර වසාගෙන සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. Sinhala Revised Old Version එවිට ඔහු ඇතුල්වී ඔවුන් දෙදෙනා සිටිද්දී දොර වසාගන ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය. |
ඔබත්, ඔබේ පුත්‍රයනුත් ගෙදරට ඇතුළු වී දොර වසාගෙන, ඒ සියලු භාජනවල තෙල් වත් කොට, පිරුණු ඒවා පැත්තක තබන්නැ”යි කීවේ ය.
එහෙත්, නාමන් කෝප වී යන්නට ගියේ ය. ඔහු කතා කොට, “ඔහු පිටතට මා ළඟට අවුත් සිටගෙන, තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කර, කුෂ්ඨය මත්තෙහි තමාගේ අත වනා රෝගියා සුව කරනු ඇතැ යි මම සිතුවෙමි.
තවද ඔවුන් සමාරියට පැමිණි විට එලිෂා කතා කොට, “සමිඳාණන් වහන්ස, පෙනෙන පිණිස මොවුන්ගේ ඇස් පැහැදුව මැනවැ”යි කී ය. සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ ඇස් පැහැදූ සේක. ඔව්හු බැලූ විට තමන් සමාරිය මැද සිටින බව දුටුවෝ ය.
එහෙත්, ඔබ යාච්ඤා කරන කල ඔබේ ම ඇතුළු කාමරයට වැද, දොර වසාගෙන, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.
උන් වහන්සේ ගෙදරට පිවිසි කල, පේදුරු ද ජොහන් ද ජාකොබ් ද දැරියගේ පියා ද මව ද හැර අන් කිසිවෙකුට තමන් සමඟ ඇතුළු වන්න අවසර නුදුන් සේක.
පේදුරු ඔවුන් සියල්ලන් බැහැර කර, දණින් වැටී යාච්ඤා කර, මෘත දේහය දෙසට හැරී, “තබිතා, නැඟිටින්නැ”යි කී ය. එවිට ඈ ඇස් ඇර, පේදුරු දැක, හිඳගත්තා ය.