ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 4:24 - Sinhala New Revised Version

ඈ, “ඒකට කමක් නැත” කියා කොටළු දෙන සූදානම් කරගෙන ඇගේ වැඩකාරයාට කතා කොට, “කොටළු දෙන දක්කාගෙන යන්න; මා ඔබට කියන තෙක් දැක්කීමේ වේගය අඩු නොකරන්නැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඈ, “ඒකට කමක් නැත” කියා කොටළු දෙන සූදානම් කරගෙන ඇගේ වැඩකාරයාට කතා කොට, “කොටළු දෙන දක්කාගෙන යන්න; මා ඔබට කියන තෙක් දැක්කීමේ වේගය අඩු නොකරන්නැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

කොටළුදෙන සූදානම්කර ඇගේ වැඩකාරයාට කථාකොට: දක්කාගෙන යන්න; මා නුඹට නොකියා, මා නිසා නුඹේ දැක්කීම බාල නොකරන්නැයි කීවාය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 4:24
7 හුවමාරු යොමු  

ආබ්‍රහම් උදෑසනින් නැඟිට, තම කොටළුවාට සෑදලය යොදා, සේවකයන් දෙදෙනෙකු ද සිය පුත් ඊසාක් ද රැගෙන, දවන යාග පූජාව සඳහා දර ද පළාගෙන දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට පිටත් ව ගියේය.


“මට යෑමට සෑදලය යොදා කොටළුවා සූදානම් කර දෙන්නැ”යි ඔහු තම පුත්‍රයන්ට කී ය. ඔවුන් කොටළුවාගේ සෑදලය යොදා ඌ සූදානම් කර ඔහුට දුන් විට, ඔහු ඌ පිට නැඟී,


තවද, ඔහු ආහාර පාන වැළඳූ පසු ඔහු විසින් ආපසු කැඳවාගෙන එන ලද දිවැසිවරයාට යෑම සඳහා කොටළුවාට සෑදලය යොදන ලදී.


ඔහු ද, “ඔබ අද ඔහු ළඟට යන්නේ කුමට ද? අද අමාවක වත්, සබත් දිනය වත් නොවේ ය”යි කී ය.


මෙසේ ඈ ගොස් කර්මෙල්‍ කන්දේ සිටි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට පැමිණියා ය. තවද, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඈ දුර දී දැක තමාගේ මෙහෙකරු වන ගෙහාසීට කතා කොට, “අන්න, අර ෂුනම්මිය ස්ත්‍රිය එන්නී ය.


මෝසෙස් ද තම බිරිඳ හා පුතුන් රැගෙන, ඔවුන් කොටළුවෙකු පිට නංවාගෙන යළි මිසර දේශයට ගියේ ය. දෙවියන් වහන්සේ දුන් සැරයටියත් ඔහු අතට ගත්තේ ය.