ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 3:17 - Sinhala New Revised Version

මන්ද, නුඹලා හුළඟ වත්, වැස්ස වත් නොදකින නමුත් නුඹලාටත්, නුඹලාගේ සිවුපාවුන්ටත්, නුඹලාගේ මෘගයන්ටත් බීමට මේ ගඟ පතුල වතුරෙන් පිරෙනු ඇත.’

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මන්ද, නුඹලා හුළඟ වත්, වැස්ස වත් නොදකින නමුත් නුඹලාටත්, නුඹලාගේ සිවුපාවුන්ටත්, නුඹලාගේ මෘගයන්ටත් බීමට මේ ගඟ පතුල වතුරෙන් පිරෙනු ඇත.’

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද නුඹලා හුළඟක්වත් වැස්සවත් නොදකින නුමුත් නුඹලාටත් නුඹලාගේ සිවුපාවුන්ටත් නුඹලාගේ මෘගයන්ටත් බීමට මේ මිටියාවත වතුරෙන් පිරෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 3:17
9 හුවමාරු යොමු  

ඔහු කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මේ වියළි ගඟේ පතුල පුරා ම අගල් කපන්න.


එතුමාණෝ කාන්තාරය දිය පොකුණක් කරන සේක; වියළි බිමක් දිය උල්පතක් ද කරන සේක;


ඔව්හු වැලපීමේ මිටියාවත මැදින් යන කල එය උල්පත් සහිත ස්ථානයක් කරගනිති. පළමු වන වැහි වලාව එය දිය කඩිතිවලින් පුරවන්නේ ය.


බලන්න, මම ද හොරෙබ්හි පර්වතය මත ඔබ ඉදිරිපිට සිටිමි. ඔබ පර්වතයට ගැසිය යුතු ය. එවිට සෙනඟට බීමට ජලය එයින් ගලා එනු ඇතැ”යි වදාළ සේක. මෝසෙස් ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් බලාගෙන සිටිය දී එලෙස කෙළේ ය.


සමිඳාණන් වහන්සේ සිය සෙනඟ පාළුකරය මැදින් ගෙන ගිය විට ඔවුන්ට පිපාසයක් නො වී ය. එතුමාණෝ ඔවුන් උදෙසා පර්වතයකින් වතුර ගලන්න සැලැස්සූ සේක. එතුමන් පර්වතය විවර කළ විට වතුර ගලා ආයේ ය.