“ජුදාහි රජ වන මනස්සේ මේ පිළිකුල්කම් කරමින්, ඔහුට පළමුවෙන් සිටි අමෝරිවරුන් කළ සියල්ලට වඩා නපුරුකම් කොට ජුදාවරුන් ද තමාගේ දේව රූපවලින් පාපයට පෙළඹවූ නිසා,
2 රාජාවලිය 21:21 - Sinhala New Revised Version තම පියාගේ අඩි පාරේ යමින්, තමාගේ පියා වැඳුම්පිදුම් කළ දේව රූපවලට වැඳුම්පිදුම් කරමින් ඒවාට නමස්කාර කෙළේ ය. Sinhala New Revised Version 2018 තම පියාගේ අඩි පාරේ යමින්, තමාගේ පියා වැඳුම්පිදුම් කළ දේව රූපවලට වැඳුම්පිදුම් කරමින් ඒවාට නමස්කාර කෙළේ ය. Sinhala Revised Old Version තමාගේ පියා හැසුරුණ මුළු මාර්ගයෙහිම හැසිර, තමාගේ පියා සේවයකළ දේව රූපවලට සේවයකරමින් ඒවාට නමස්කාරකෙළේය. |
“ජුදාහි රජ වන මනස්සේ මේ පිළිකුල්කම් කරමින්, ඔහුට පළමුවෙන් සිටි අමෝරිවරුන් කළ සියල්ලට වඩා නපුරුකම් කොට ජුදාවරුන් ද තමාගේ දේව රූපවලින් පාපයට පෙළඹවූ නිසා,
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් පන්නා දැමූ විජාතීන්ගේ පිළිකුල් ක්‍රියා ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.
ඔහු සමිඳාණන් වහන්සේගේ මාර්ගයෙහි නොහැසිර තමාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත් හැරියේ ය.
ඔහු ආහාස්ගේ උඩුමහලේ පියස්ස උඩ තිබූ ජුදාහි රජවරුන් සෑදූ පූජාසන ද සමිඳාණන් වහන්සේගේ මිදුල් දෙකෙහි මනස්සේ විසින් සාදන ලද පූජාසනය ද කඩා, එතනින් හෙළාදමා ඒවායේ කුඩු කිද්‍රොන් ඔයට විසි කෙළේ ය.
තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී පූජක වන හිල්කියාට සම්බ වූ පොතේ ලියා තිබුණු ව්‍යවස්ථාවේ වචන ඉෂ්ට කරන පිණිස ජොෂියා ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද දේවතා රූප ද පිළිම ද ජුදා දේශයෙහිත්, ජෙරුසලමෙහිත් දක්නා ලද අනෙක් සියලු පිළිකුල් දේවල් ද පහකරදැමී ය.