එහෙත්, අසිරියාවේ රජ ලාකීෂ්හි සිට තර්තාන් ද රබ්-සාරිස් ද රබ්-ෂාකේ ද යන නිලධාරීන් විශාල සේනාවක් සමඟ හෙසකියා රජු වෙත ජෙරුසලමට යැවී ය. ඔව්හු අවුත් ජෙරුසලමට පැමිණියහ. තවද, ඔව්හු රජකයන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජු කැඳවූ හ.
2 රාජාවලිය 18:27 - Sinhala New Revised Version එහෙත්, රබ්-ෂාකේ ඔවුන්ට උත්තර දෙමින්, “මාගේ ස්වාමියා මේ වචන කියන්නට මා එවුවේ, ඔබේ ස්වාමියා හා ඔබ ළඟට ද? නොහොත් පවුර පිට සිටින මනුෂ්‍යයන් ඔබ සමඟ තමන්ගේ අශූචි කන පිණිසත්, තමන්ගේ මුත්‍රා බොන පිණිසත් ඔවුන් ළඟට නොවේ දැ”යි කී ය. Sinhala New Revised Version 2018 එහෙත්, රබ්-ෂාකේ ඔවුන්ට උත්තර දෙමින්, “මාගේ ස්වාමියා මේ වචන කියන්නට මා එවුවේ, ඔබේ ස්වාමියා හා ඔබ ළඟට ද? නොහොත් පවුර පිට සිටින මනුෂ්‍යයන් ඔබ සමඟ තමන්ගේ අශූචි කන පිණිසත්, තමන්ගේ මුත්‍රා බොන පිණිසත් ඔවුන් ළඟට නොවේ දැ”යි කී ය. Sinhala Revised Old Version එහෙත් රබ්-ෂාකේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ ස්වාමියා මේ වචන කියන්ට මා එවුවේ නුඹේ ස්වාමියාත් නුඹත් ළඟටද? නොහොත් පවුර පිට ඉන්න මනුෂ්‍යයන් නුඹලා සමඟ තමුන්ගේ අශූචි කන පිණිසත් තමුන්ගේ මූත්‍ර බොන පිණිසත් ඔවුන් ළඟට නොවේදැයි කීවේය. |
එහෙත්, අසිරියාවේ රජ ලාකීෂ්හි සිට තර්තාන් ද රබ්-සාරිස් ද රබ්-ෂාකේ ද යන නිලධාරීන් විශාල සේනාවක් සමඟ හෙසකියා රජු වෙත ජෙරුසලමට යැවී ය. ඔව්හු අවුත් ජෙරුසලමට පැමිණියහ. තවද, ඔව්හු රජකයන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජු කැඳවූ හ.
එකල හිල්කියාගේ පුත් එලියාකිම් ද ෂෙබ්නා ද ජෝවා ද රබ්-ෂාකේට කතා කොට, “පවුර පිට සිටින සෙනඟට ඇසෙන්නට ජුදෙව් භාෂාවෙන් අපට කතා නොකොට, ඔබේ මෙහෙකරුවන් වන අපට සිරියන් භාෂාව තේරෙන නිසා ඒ භාෂාවෙන් කතා කළ මැනවැ”යි කී හ.
එවිට රබ්-ෂාකේ සිටගෙන ජුදෙව් භාෂාවෙන් මහා ශබ්දයකින් මොරගසා මෙසේ කීවේ ය: “අසිරියාවේ රජු වන මහා රජතුමාගේ වචන අසන්න.
කොටළු හිසක් රිදී කාසි අසූවකටත්, වල් ලූණු ග්‍රෑම් දෙසියයක් රිදී කාසි පහකටත් විකිණෙන තෙක් ඔව්හු සමාරිය වටලාගෙන සිටියෝ ය.
ඔව්හු අන් අයට සිනාසෙන්නෝ ය; නපුරු දේ ගැන කතා කරන්නෝ ය; අහංකාරයෙන් ඉදිමී අන් අයට පීඩා කිරීමට සිතන්නෝ ය.
ඔහු පිළිතුරු දෙමින් මෙසේ කී ය: “අධිරාජයා මා එව්වේ, ඔබටත්, ඔබේ රජ්ජුරුවන්ටත් මේ දේ කියන්න යැයි ඔබ සිතන්නහු ද? එසේ නොවේ, මා කතා කරන්නේ ඔබට මෙන් ම තමන්ගේ ම අශූචි කන්නත් තමන්ගේ ම මුත්‍රා බොන්නත් නියම වී පවුර පිට සිටින මේ සෙනඟට ය.”
කිරි දරුවාගේ දිව පිපාසය නිසා තල්ලේ ඇලෙයි. කුඩා දරුවෝ කෑම ඉල්ලති, කිසිවෙක් ඔවුන්ට කෑම නොදෙති.
රස කෑම කෑ අය අසරණ ව වීදිවල හිඳිති. රතු ඇතිරිලි පිට ඇතිදැඩි වූ අය කසළ ගොඩවල් වැළඳගෙන හිඳිති.
“මා ඉශ්රායෙල්වරුන් ජාතීන් අතරට පන්නා දැමූ කල්හි ඔවුන් එසේ එහි දී තමන්ගේ අපවිත්‍ර වූ කෑම කනු ඇත.”
එවිට උන් වහන්සේ කතා කොට, “මෙන්න, මනුෂ්‍ය අශුචි වෙනුවට ගවයින්ගේ ගොම නුඹට නියම කෙළෙමි. ඒවා මත නුඹේ රොටි පිසන්නැ”යි මට වදාළ සේක.