බෙන්-හදද් ද කතා කොට, “සමාරියේ දූවිලි මා පසුපස එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්න වත් මදිවන තරම් විශාල සෙනඟක් නාවොත්, දෙවිවරු මට ඉතා දරුණු ලෙස දඬුවම් කරත් වා”යි ඔහුට දන්වා ඇරියේ ය.
2 රාජාවලිය 18:23 - Sinhala New Revised Version ඉතින් අශ්වයන් පිට නැඟී යන්නට අසරුවන් සොයන්නට ඔබට පුළුවන් නම්, ඔබ අසිරිය රජු වන මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි. Sinhala New Revised Version 2018 ඉතින් අශ්වයන් පිට නැඟී යන්නට අසරුවන් සොයන්නට ඔබට පුළුවන් නම්, ඔබ අසිරිය රජු වන මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි. Sinhala Revised Old Version ඉතින් අශ්වයන් පිට නැගීයන්ට අසරුවන් සොයාගන්ට නුඹට පුළුවන් නම්, නුඹ අෂූර්හි රජවූ මාගේ ස්වාමියාට ඇපදුන්නොත්, මම නුඹට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි. |
බෙන්-හදද් ද කතා කොට, “සමාරියේ දූවිලි මා පසුපස එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්න වත් මදිවන තරම් විශාල සෙනඟක් නාවොත්, දෙවිවරු මට ඉතා දරුණු ලෙස දඬුවම් කරත් වා”යි ඔහුට දන්වා ඇරියේ ය.
ඔහු ද කතා කොට, “ඔව්හු සාමදානය පිණිස පැමිණියෝ නම්, පණපිටින් අල්ලාගන්න. යුද්ධය පිණිස පැමිණියෝ නම්, එසේ වුණත්, පණපිටින් අල්ලාගන්නැ”යි කීවේ ය.
‘එහෙත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමු යයි ඔබ හැම සමහර විට මට කියනු ඇත. එහෙත්, ඔබ හැම ජෙරුසලමෙහි මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාර කළ යුතු යයි ජුදාවරුන්ටත්, ජෙරුසලමේ වැසියන්ටත් කියා හෙසකියා උන් වහන්සේගේ කඳු මත පූජාස්ථාන ද පූජාසන ද පහකර දැමුවා නොවේ ද?
එසේ ඔබට බැරි නම්, ඔබ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුවත් එලවාදමන්නේ කෙසේ ද? අශ්ව රථ ද අසරුවන් ද ගැන මිසරය කෙරෙහි විශ්වාසය තබා සිටින්නහු ද?
පිලිස්තියයා දාවිත් දුටු විට ඔහුට ගැරහුම් කෙළේ ය. මන්ද, ඔහු රතු පැහැයක් ද කඩවසම් පෙනුමක් ද ඇති තරුණයෙකු වූ බැවිනි.
ඔහු තවදුරටත් කතා කරමින්, “මා ළඟට වර, මම තාගේ මස් ආකාශයේ පක්ෂීන්ටත්, වනයේ මෘගයන්ටත් දෙන්නෙමි”යි දාවිත්ට කීවේ ය.