ඔව්හු එහි වාසය කරන්න පටන්ගන්න කල සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව නොසිටියෝ ය. එබැවින් සමිඳාණන් වහන්සේ ඔවුන් අතරට සිංහයන් යැවූ සේක. ඒ සත්තු ඔවුන්ගෙන් සමහර දෙනෙකුන් මැරූ හ.
2 රාජාවලිය 17:26 - Sinhala New Revised Version එබැවින් ඔව්හු අසිරියාවේ රජුට කතා කොට, “ඔබ ගෙනවුත් සමාරියේ නුවරවල පදිංචි කරවූ ජාතීහු ඒ දේශයේ දෙවියන් නමදින අන්දම නොදනිති. ඒ නිසා උන් වහන්සේ ඔවුන් අතරට සිංහයන් එවූ සේක. ඔවුන් දේශයේ දෙවියන් නමදින අන්දම නොදන්න නිසා සිංහයෝ ඔවුන් මරති”යි කී හ. Sinhala New Revised Version 2018 එබැවින් ඔව්හු අසිරියාවේ රජුට කතා කොට, “ඔබ ගෙනවුත් සමාරියේ නුවරවල පදිංචි කරවූ ජාතීහු ඒ දේශයේ දෙවියන් නමදින අන්දම නොදනිති. ඒ නිසා උන් වහන්සේ ඔවුන් අතරට සිංහයන් එවූ සේක. ඔවුන් දේශයේ දෙවියන් නමදින අන්දම නොදන්න නිසා සිංහයෝ ඔවුන් මරති”යි කී හ. Sinhala Revised Old Version එබැවින් ඔව්හු අෂූර්හි රජුට කථාකොට: ඔබ විසින් ගෙනවුත් සමාරියේ නුවරවල පදිංචිකෙරෙවු ජාතීහු ඒ දේශයේ දෙවියන්ගේ අන්දම නොදනිති. ඒ නිසා උන්වහන්සේ ඔවුන් අතරට සිංහයන් එවූසේක, ඔවුන් දේශයේ දෙවියන්ගේ විධිය නොදන්නා නිසා සිංහයෝ ඔවුන් මරතියි කීවෝය. |
ඔව්හු එහි වාසය කරන්න පටන්ගන්න කල සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව නොසිටියෝ ය. එබැවින් සමිඳාණන් වහන්සේ ඔවුන් අතරට සිංහයන් යැවූ සේක. ඒ සත්තු ඔවුන්ගෙන් සමහර දෙනෙකුන් මැරූ හ.
එවිට අසිරියාවේ රජ අණ කරමින්, “ඔබ එතැනින් ගෙනා පූජකයන්ගෙන් එක් කෙනෙකු එහි කැඳවාගෙන යන්න. ඔහු ගොස් එහි වාසය කරමින් ඒ දේශයේ දෙවියන් නමදින අන්දම ඔවුන්ට උගන්වා දේ වා”යි කී ය.
‘දාන්හි ජීවමාන දෙවියන්ගේ නාමයෙන්’ කියා ද ‘බෙයර්-ෂෙබාහි ජීවමාන දෙවියන්ගේ නාමයෙන්’ කියා ද සමාරියේ දෙවිවරුන් නමින් ද දිවුරන සියලු දෙන නැවත නැඟිටින්නට නොහැකි වන ලෙස වැටෙන්නෝ ය.”
සාමුවෙල් රජකමේ යුතුකම් සෙනඟට විස්තර කර දී, ඒවා පොතක සටහන් කර සමිඳාණන් වහන්සේ ඉදිරියේ තැබුවේ ය. ඉන්පසු සාමුවෙල් සෙනඟ විසුරුවා හැර ඔවුන් සිය ගෙවලට පිටත් කර යැවුවේ ය.
දැන් ඉතින් ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. එසේ වී නමුත්, ඔවුන් කෙරෙහි රජකම් කරන රජු ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන අන්දම ගැන ඔවුන්ට විස්තර කර දෙන්නැ”යි වදාළ සේක.