ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 16:8 - Sinhala New Revised Version

තවද, ආහාස් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ ගෙදර ගබඩාවලත් තිබුණු රන් රිදී රැගෙන අසිරියාවේ රජුට තෑග්ගක් වශයෙන් යැවී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද, ආහාස් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ ගෙදර ගබඩාවලත් තිබුණු රන් රිදී රැගෙන අසිරියාවේ රජුට තෑග්ගක් වශයෙන් යැවී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද ආහාස් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහිත් රජගෙදර ගබඩාවලත් තිබුණු රන් රිදී රැගෙන අෂූර්හි රජුට තෑග්ගක් කොට ඇරියේය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 16:8
13 හුවමාරු යොමු  

ජෝවාෂ්ගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


අසිරියාවේ රජ වූ පූල් දේශය ආක්‍රමණය කෙළේ ය. මෙනහෙම් ද රාජ බලය තමා අතේ තහවුරු කරගැනීමට, පූල් තමාට උදව් වන පිණිස රිදී කිලෝග්‍රෑම් තිස්හතරදහසක් ඔහුට දුන්නේ ය.


අසිරියාවේ රජ වූ ෂල්මනෙසර් ඔහුට විරුද්ධ ව ආයේ ය. හෝෂෙයා ඔහුට මෙහෙකරු වී කප්පම් දුන්නේ ය.


එවිට ආසා සමිඳාණන් වහන්සේගේ දේව මාලිගාවේ හා රජ මැදුරේ ගබඩාවලින් රන් රිදී පිටතට ගෙනවුත්, දමස්කයෙහි වාසය කළ සිරියාවේ රජ වන බෙන්-හදද්ට ඒවා යවමින්,


සමිඳුනි, ඔබ තුමාණෝ ජාකොබ්ගේ වංශය වන තමන් සෙනඟ අත්හළ සේක. මන්ද, පෙරදිගින් පැමිණි යන්ත්‍ර මන්ත්‍රකාරයන්ගෙන් ද පිලිස්තිවරුන් මෙන් පේන කියන්නන්ගෙන් ද දේශය පිරී ඇත. සෙනඟ විදේශීන් සමඟ අත්වැල් බැඳගෙන සිටිති.


“ඉශ්රායෙල් රාජ්‍යය ජුදාවෙන් වෙන් වූ කාලයේ පටන් නුවූ විරූ අන්දමේ දුක් කරදර සමිඳාණන් වහන්සේ නුඹ පිටත්, නුඹේ සෙනඟ පිටත්, මුළු රජ පවුල පිටත් පමුණුවන සේක. උන් වහන්සේ අසිරියාවේ රජු නුඹට විරුද්ධ ව එවන සේක.”


එබැවින් දැන් නුඹලා මෝරෙෂෙත්-ගාත් නගරයට වෙන් වී යෑමේ ත්‍යාග දිය යුතු ය. අක්සීබ් වංශය ඉශ්රායෙල් රජවරුන්ට මලපතක් වන්නේ ය.