2 රාජාවලිය 16:20 - Sinhala New Revised Version ආහාස් මියගිය පසු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් හෙසකියා ඔහු වෙනුවට රජ විය. Sinhala New Revised Version 2018 ආහාස් මියගිය පසු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් හෙසකියා ඔහු වෙනුවට රජ විය. Sinhala Revised Old Version ආහාස් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ හෙසකියා ඔහු වෙනුවට රජවුණේය. |
ඒලාගේ පුත් ඉශ්රායෙල් රජු වන හෝෂෙයාගේ තුන් වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ ආහාස්ගේ පුත් හෙසකියා රජ විය.
මනස්සේ මියගිය පසු තමාගේ ගෙට අයිති උයන වන උශ්ශාගේ උයනෙහි තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ පුත් ආමොන් ඔහු වෙනුවට රජ විය.
උශ්ශාගේ උයනේ තිබූ ඔහුගේ පියාගේ සොහොන්ගෙයි ඔහු තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ පුත් ජොෂියා ඔහු වෙනුවට රජ විය.
ජෙහෝරාම් මියගිය පසු තමාගේ පියවරුන් සමඟ දාවිත්ගේ නුවර තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් අහසියා ඔහු වෙනුවට රජ විය.
මුල පටන් අග දක්වා ඔහුගේ අනික් ක්‍රියා ද ඔහුගේ සියලු ප්‍රතිපත්ති ද ජුදා සහ ඉශ්රායෙල් රජුන්ගේ පොතෙහි ලියා තිබේ.
ආහාස් මියගිය පසු ඔව්හු ජෙරුසලම් නුවර ඔහු තැන්පත් කළෝ ය. ඔව්හු ඉශ්රායෙල් රජුන්ගේ සොහොන් ගෙවල ඔහු නොතැබුවෝ ය. ඔහුගේ පුත් හෙසකියා ඔහු වෙනුවට රජ විය.
ජුදාහි රජවරුන් වූ උශ්ශියාගේ ද ජෝතාම්ගේ ද ආහාස්ගේ ද හෙසකියාගේ ද කාලයන්හි දී ජුදා දේශය හා ජෙරුසලම පිළිබඳ ව ආමොස්ගේ පුත් යෙසායාට දෙවියන් වහන්සේ එළිදරව් කළ පණිවුඩ මේ පොතේ සටහන් කර ඇත.
උශ්ශියා, ජෝතාම්, ආහාස් සහ හෙසකියා පිළිවෙළින් ජුදාහි රජවරුන් වූ කාලයේ දී ද ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් ඉශ්රායෙල්හි රජ ව සිටි කාලයේ දී ද බෙයේරිගේ පුත් හොසියාට සමිඳාණන් වහන්සේ දුන් පණිවුඩය මෙසේ ය:
ජෝතාම්, ආහාස් හා හෙසකියා ජුදාහි රජකම් කරන කාලයේ දී, සමාරිය හා ජෙරුසලම සම්බන්ධ ව දර්ශන මඟින් මෝරෙෂෙත්හි මීකාට සමිඳාණන් වහන්සේ ප්‍රකාශ කළ පණිවුඩය මෙය වේ: