ඔහු බෙතෙල්හි සෑදූ පූජාසනයට තමා ම නියම කරගත් මාසය වන අට වන මාසේ පසළොස් වන දින ගොස්, ඉශ්රායෙල් ජනයාට මංගල්‍යයක් නියම කොට, සුවඳ දුම් ඔප්පු කරන පිණිස පූජාසනය වෙත ගියේ ය.
2 රාජාවලිය 16:12 - Sinhala New Revised Version රජ දමස්කයෙන් අවුත්, ඒ පූජාසනය දැක, ඊට ළං ව ඒ මත පූජා කෙළේ ය. Sinhala New Revised Version 2018 රජ දමස්කයෙන් අවුත්, ඒ පූජාසනය දැක, ඊට ළං ව ඒ මත පූජා කෙළේ ය. Sinhala Revised Old Version රජ දමස්කයෙන් ඇවිත් ඒ පූජාසනය දැක ඊට ළංව ඒ පිට පූජාකෙළේය. |
ඔහු බෙතෙල්හි සෑදූ පූජාසනයට තමා ම නියම කරගත් මාසය වන අට වන මාසේ පසළොස් වන දින ගොස්, ඉශ්රායෙල් ජනයාට මංගල්‍යයක් නියම කොට, සුවඳ දුම් ඔප්පු කරන පිණිස පූජාසනය වෙත ගියේ ය.
ජෙරොබෝවම් සුවඳ පූජා ඔප්පුකරමින්පූජාසනය ළඟ සිටිද්දී දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක්, සමිඳාණන් වහන්සේගේ ආඥාව පිට ජුදා සිට බෙතෙල් නගරයට පැමිණ,
උරියා පූජක තෙමේ පූජාසනය ගොඩනැඟුවේ ය. ආහාස් රජ දමස්කයෙන් එවූ සියල්ලේ හැටියට උරියා පූජක තෙමේ ආහාස් රජ දමස්කයෙන් එන්නට පෙර එය සෑදුවේ ය.
ඔහු තමාගේ දවන යාග පූජාවත්, ආහාර පූජාවත් පුදා, තමාගේ පානීය පූජාව වත් කොට තමාගේ සහභාගිකමේ පූජාවල ලේ පූජාසනය මත ඉස්සේ ය.
තමාට පහර දුන් දමස්කයේ දෙවිවරුන්ට ඔහු පූජා කොට, “සිරියාවේ රජුන්ගේ දෙවිවරුන් ඔවුන්ට පිහිට වන බැවින්, ඔවුන් මටත් පිහිට වන පිණිස මම ඔවුන්ට පූජා කරමි”යි කී ය. එහෙත්, ඒ දෙවිවරු ඔහුගේ ද මුළු ඉශ්රායෙල් සෙනඟගේ ද විනාශයට හේතු වූ හ.
ජුදාහි සියලු නගරවල ම අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන පිණිස ඔහු ගිරිකුළු දේවාල සාදා තමාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කෙළේ ය.