ඉශ්රායෙල් රජු වන පෙකාගේ කාලයේ දී අසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර් අවුත් ඊයොන් ද ආබෙල්-බෙත්-මයකා ද ජනෝවා ද කෙදෙෂ් ද හාශෝර් ද ගිලියද් ද ගලීලය ද, එනම් මුළු නප්තලී දේශය ද අල්ලාගෙන දේශවාසීන් අසිරියාවට ගෙන ගියේ ය.
2 රාජාවලිය 16:10 - Sinhala New Revised Version ආහාස් රජ අසිරියාවේ රජ වන තිග්ලත්-පිලෙසෙර් සම්බ වන්න දමස්කයට ගොස් දමස්කයේ තිබුණු පූජාසනය දැක, පූජාසනයේ සියලු වැඩවල හරි සැලැස්මක් ද එහි දිග පළල ආදිය ද උරියා පූජකයාට එවී ය. Sinhala New Revised Version 2018 ආහාස් රජ අසිරියාවේ රජ වන තිග්ලත්-පිලෙසෙර් සම්බ වන්න දමස්කයට ගොස් දමස්කයේ තිබුණු පූජාසනය දැක, පූජාසනයේ සියලු වැඩවල හරි සැලැස්මක් ද එහි දිග පළල ආදිය ද උරියා පූජකයාට එවී ය. Sinhala Revised Old Version ආහාස් රජ අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් සම්බවෙන්ට දමස්කයට ගොස් දමස්කයේ තිබුණු පූජාසනය දැක, පූජාසනයේ සියලු වැඩවල හරි ආදර්ශයක්ද එහි හැඩයද උරියා පූජකයාට එවුවේය. |
ඉශ්රායෙල් රජු වන පෙකාගේ කාලයේ දී අසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර් අවුත් ඊයොන් ද ආබෙල්-බෙත්-මයකා ද ජනෝවා ද කෙදෙෂ් ද හාශෝර් ද ගිලියද් ද ගලීලය ද, එනම් මුළු නප්තලී දේශය ද අල්ලාගෙන දේශවාසීන් අසිරියාවට ගෙන ගියේ ය.
උරියා පූජක තෙමේ පූජාසනය ගොඩනැඟුවේ ය. ආහාස් රජ දමස්කයෙන් එවූ සියල්ලේ හැටියට උරියා පූජක තෙමේ ආහාස් රජ දමස්කයෙන් එන්නට පෙර එය සෑදුවේ ය.
තවද, ‘මාගේ නාමය ජෙරුසලමෙහි තබන්නෙමි’යි සමිඳාණන් වහන්සේ යම් මාලිගාවක් ගැන වදාළ සේක් ද ඒ මාලිගාවෙහි ඔහු පූජාසන ගොඩනැඟුවේ ය.
“මේ සටහනේ සියලු වැඩ තේරුම් කර දුන් සමිඳාණන් වහන්සේගේ අතින් මා ලවා සියල්ල ම ලියවා තිබේ ය”යි දාවිත් කීවේ ය.
මෙසේ ඔව්හු මෙවැනි ක්‍රියාවලින් අපිරිසිදු වූ හ. ඔව්හු දෙවිඳුන් හට විශ්වාසී ව නොසිට වෙසඟනන් මෙන් හැසුරුණෝ ය.
ඉන්පසු ඔහු උන් වහන්සේගේ ආඥා සියල්ල ම ලියා තැබී ය. පසු දින අලුයම ඔහු නැඟිට, කන්ද පාමුල පූජාසනයක් ද ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස අනුව ශිලාස්තම්භ දොළහක් ද ඉදි කෙළේ ය.
මෝසෙස් කර්මාන්ත සියල්ල නැරඹුව විට සමිඳාණන් වහන්සේ අණ කළ ප්‍රකාර ම ඔවුන් සියල්ල ම ඉටු කර තිබෙන බව දැක ඔහු ඔවුන්ට ආශීර්වාද කෙළේ ය.
විශ්වාසවන්ත සාක්ෂිකාරයන් වන උරියා නමැති පූජකයාත් ජෙබෙරෙකියාගේ පුත්‍ර වූ සෙකරියාත් සාක්ෂි පිණිස ගන්න.”
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “විජාතීන්ගේ මාර්ගය අනුගමනය නොකරන්න; අහසේ ලකුණුවලට ජාතීන් කැළඹෙන නමුත්, නුඹලා ඒවාට නොකැළඹෙන්න.
ඔව්හු තමන් කළ සියල්ල ගැන ලජ්ජා වී සිටිත් නම්, දේව මාලිගාවේ සැලැස්ම ද එහි පිළිවෙළ ද ඇතුළට පිටතට යන එන තැන් ද එහි මුළු හැඩය ද එහි සියලු ම නීති රීති ද එහි මුළු සැලැස්ම ද එහි සියලු ම නීති රීති ද අනුගමනය කරමින් ඒවා ක්‍රියාත්මක කරන පිණිස ඔවුන් ඉදිරියේ දී ඒවා ලියන්න.
ඔව්හු තමන්ගේ එළිපත්ත මාගේ එළිපත්ත ළඟ ද තමන්ගේ උළුවහු කණු මාගේ උළුවහු කණු ළඟ ද තැබූ හ. මා සහ ඔවුන් අතරේ තිබුණේ බිත්තිය පමණක් ය; එසේ ඔවුන් කළ තමන්ගේ පිළිකුල් ක්‍රියා මඟින් ඔව්හු මාගේ සුවිශුද්ධ නාමය කෙලෙසූ හ. මම ද මාගේ උදහසින් ඔවුන් විනාශ කෙළෙමි.
ඔවුන්ගේ දේව රූප ඉදිරියෙහි ඔවුන්ට මොවුන් සේවය කොට ඉශ්රායෙල් වංශය පැකිළවන පාපයට පෙළඹෙවූ බැවින් මාගේ අත මොවුන්ට විරුද්ධ ව එසෙවූවෙමි. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ඔවුන් තමන්ගේ පාපයේ විපාකය දරනු ඇත.
පියාට ගෞරව කිරීමට ඔහු බැඳී නැතැ යි ඔබ කියන්නහු ය. මෙසේ ඔබ තමන්ගේ පරම්පරාගත සම්ප්‍රදාය නිසා දෙවියන් වහන්සේගේ ආඥා අවලංගු කළහු ය.
ඔබ ලෝක ව්‍යවහාරය අනුව හැඩ නොගැසී, සිත අලුත් කරගැනීමෙන් වෙනස් අය වන්න. එවිට, දෙවියන් වහන්සේගේ කැමැත්ත, එනම්, යහපත් වූ, පිළිගත යුතු වූ, සම්පූර්ණ වූ දේ කුමක් ද කියා ඔබට තේරුම්ගත හැකි ය.
ඔබට කලින් විනාශ වී ගිය ඔවුන් පසුපස යෑමට නොරැවටෙන ලෙස හොඳින් වගබලාගන්න. තවද, මේ ජාතීන් ඔවුන්ගේ දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කෙළේ කෙසේ ද ‘මමත් එසේ කරමි’ කියා ඔවුන්ගේ දෙවිදේවතාවන් ගැන විස්තර නොසොයන්න. ඔබ එසේ කළොත්, ඔබත් ඔවුන් මෙන් වනු ඇත.
එහෙයින් ඔවුන් අපට වත්, අපේ දරු පරපුරට වත් මතු කාලයේ එසේ කීවොත්, ‘දවන යාග පූජා හෝ යාග පඬුරු හෝ ඔප්පු කිරීමට නොව අප සමඟ හා ඔබ සමඟ සාක්ෂියක් වන පිණිස අපේ පියවරුන් තැනූ සමිඳාණන් වහන්සේගේ පූජාසනයේ ආදර්ශය බලන්න’ කියා අපට කියන්නට පුළුවන් යයි අපි සිතුවෙමු.
ඔබගේ පියවරුන්ගෙන් ලැබූ නිෂ්ඵල ජීවිත මාර්ගයෙන් ඔබ මුදනු ලැබුවේ රන් රිදී වැනි දිරා යන දේවල් මඟින් නොව,