සලමොන්ගේ ජීවිතයේ සෙසු කරුණු ද ඔහු කළ සියල්ල ද ඔහුගේ ප්‍රඥාව ගැන ද සලමොන්ගේ ක්‍රියා සඳහන් ඉතිහාස ග්‍රන්ථයේ ලියා නොතිබේ ද?
2 රාජාවලිය 12:19 - Sinhala New Revised Version ජෝවාෂ්ගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? Sinhala New Revised Version 2018 ජෝවාෂ්ගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? Sinhala Revised Old Version යෝවාෂ්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යූදාහි රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? |
සලමොන්ගේ ජීවිතයේ සෙසු කරුණු ද ඔහු කළ සියල්ල ද ඔහුගේ ප්‍රඥාව ගැන ද සලමොන්ගේ ක්‍රියා සඳහන් ඉතිහාස ග්‍රන්ථයේ ලියා නොතිබේ ද?
ජෙරොබෝවම් පිළිබඳ ඉතිරි කරුණු වන ඔහු කළ යුද්ධ ද ඔහු රජකම් කළ හැටි ද ඉශ්රායෙල් රජවරුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.
රෙහොබෝවම් පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
එවිට ආසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඉතිරි ව තිබූ රන් රිදී සියල්ල ද රජ මාලිගාවේ තිබූ වස්තුව ද ගෙන තමාගේ සේවකයන් අතට භාර දී, දමස්කයෙහි විසූ සිරියාවේ රජ වූ හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිමොන්ගේ පුත් බෙන්-හදද්ට ඒවා යවමින්,
එවිට ජුදාහි රජ වන ජෙහෝවාෂ් තමාගේ පියවරුන් ද ජෙහෝෂාපාට් ද ජෙහෝරාම් ද අහසියා ද යන ජුදාහි රජවරුන් විසින් කැප කරන ලද සියලු ම පඬුරු ද තමාගේ ම පඬුරු ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවලත්, රජ මැදුරේත් තිබූ සියලු රන් ද රැගෙන සිරියාවේ රජු වන හසායෙල්ට යැවී ය. එවිට ඔහු ජෙරුසලමෙන් ඉවත් ව යන්නට ගියේ ය.
ඔහුගේ සේවකයෝ නැඟිට කුමන්ත්‍රණය කොට, සිල්ලාට යන මාර්ගයෙහි තිබෙන මිල්ලෝහි නිවාසයේ දී ජෙහෝවාෂ් මරාදැමූ හ.
තවද, ආහාස් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ ගෙදර ගබඩාවලත් තිබුණු රන් රිදී රැගෙන අසිරියාවේ රජුට තෑග්ගක් වශයෙන් යැවී ය.
හෙසකියා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ ගෙදර ගබඩාවලත් තිබූ රිදී සියල්ල ඔහුට දුන්නේ ය.
ඒ කාලයෙහි හෙසකියා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරටුවලින් ද ජුදාහි රජ වූ හෙසකියා රනින් වැසූ කුළුණුවලින් ද රන් ඉවත් කරගෙන ඒවා අසිරියාවේ රජුට දුන්නේ ය.
ජෙහෝරාම්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?