ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 12:12 - Sinhala New Revised Version

පෙදරේරුවන්ටත්, ගල් කපන්නන්ටත් ඒ මාලිගාවේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කිරීමට ලී සහ කැපූ ගල් මිලයට ගන්න පිණිසත්, මාලිගාව අලුත්වැඩියා කිරීමට ඕනෑ කළ සියල්ල පිණිසත් ඒ මුදල් දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පෙදරේරුවන්ටත්, ගල් කපන්නන්ටත් ඒ මාලිගාවේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කිරීමට ලී සහ කැපූ ගල් මිලයට ගන්න පිණිසත්, මාලිගාව අලුත්වැඩියා කිරීමට ඕනෑ කළ සියල්ල පිණිසත් ඒ මුදල් දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පෙදරේරුවරුන්ටත් ගල්කපන්නන්ටත් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කැඩුම් හරිගැස්සීමට ලී සහ කැපූ ගල් මිලේට ගන්නා පිණිසත් ගෘහය අලුත්වැඩියා කිරීමට ඕනෑකළ සියල්ලටත් ඒ මුදල් දුන්නෝය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 12:12
7 හුවමාරු යොමු  

කඳුවල ගල් කැපීමට අසූදහසක් ද ඒ ගල් උසුලාගෙන යෑමට හැත්තෑදහසක් ද සෙනඟ සලමොන්ට සිටියෝ ය.


ගණන් කළ ඒ මුදල් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ කළාවූ ද කෙරෙවූවා වූ ද තැනැත්තන් අතට දුන්නෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ කළ වඩුවන්ටත්, ගොඩනඟන්නන්ටත්,


පර්සියාවේ රජ වූ සයිරස්ගෙන් තමන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට ජොප්පාවට මුහුදෙන් කිහිරි ගස් ගෙනෙන පිණිස ඔව්හු මේසන්වරුන්ටත්, වඩුවන්ටත් මුදල් ද සීදොන් වැසියන්ටත්, තීර් වැසියන්ටත් කෑම, බීම හා තෙල් ද දුන්නෝ ය.


අප ජුදා රටේ තිබෙන, උතුම් දෙවියන් වහන්සේගේ මාලිගාවට ගිය බව රජතුමාට දැන්විය යුතු ව තිබේ. එය ලොකු ගල්වලින් ගොඩනඟාගෙන යනු ලැබේ. බිත්තිවලට ලී බාල්ක යොදා තිබේ. ඒ වැඩකටයුතු උනන්දුවෙන් හොඳින් කෙරීගෙන යයි.


සමහරුන් දේව මාලිගාව ගැන කතා කරමින්, එය මනහර ගලින් හා පූජා වස්තුවලින් ද සරසා තිබෙන නියාව පැවසූ විට උන් වහන්සේ කතා කොට,