ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 12:10 - Sinhala New Revised Version

පෙට්ටියේ බොහෝ මුදල් තිබෙන බව දුටු විට රජුගේ ලේකම් ද නායක පූජකයා ද අවුත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ ඒ මුදල් ගණන් කරමින් පසුම්බිවල දමා බැන්දෝ‍ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පෙට්ටියේ බොහෝ මුදල් තිබෙන බව දුටු විට රජුගේ ලේකම් ද නායක පූජකයා ද අවුත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ ඒ මුදල් ගණන් කරමින් පසුම්බිවල දමා බැන්දෝ‍ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද පෙට්ටියේ බොහෝ මුදල් තිබෙන බව දුටු විට රජුගේ ලේකම්ද නායක පූජකයාද ඇවිත් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තිබුණ ඒ මුදල් ගණන්කරමින් මිටි බැන්දෝය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 12:10
11 හුවමාරු යොමු  

ෂෙවා වනාහි ලේකම් ය. ශාදොක් හා අබියාතර් පූජකයෝ ය.


අහිතුබ්ගේ පුත් ශාදොක් හා අබියාතර්ගේ පුත් අහිමෙලෙක් පූජකයන් ව සිටියහ. සෙරායා ලේකම් ව සිටියේ ය.


ගණන් කළ ඒ මුදල් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ කළාවූ ද කෙරෙවූවා වූ ද තැනැත්තන් අතට දුන්නෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ කළ වඩුවන්ටත්, ගොඩනඟන්නන්ටත්,


තවද, ඔහු රජ ගෙදර ප්‍රධානියා වන එලියාකිම්ට ද ෂෙබ්නා ලේකම්ට ද පූජකයන්ගේ මූලිකයන්ට ද ගෝණි රෙදි හඳවා ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයා ළඟට යැවී ය.


පූජක හිල්කියාටත්, ෂාපාන්ගේ පුත් අහිකාම්ටත්, මීකායාගේ පුත් අක්බොර්ටත්, ලේකම් වන ෂාපාන්ටත්, රජුගේ සේවකයා වන අසායාටත් අණ කොට,


එවිට බාල් දෙවියාත්, අෂේරා දේවතාවියත්, ආකාශ වස්තූන් සියල්ලත් නමදින පිණිස සාදා තිබුණ සියලු භාජන සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් පිටතට ගෙන යන පිණිස නායක පූජක හිල්කියාටත්, දෙ වන පංතියේ පූජකයන්ටත්, දොරටු පාලකයන්ටත් රජ අණ කෙළේ ය. ඔහු ජෙරුසලමෙන් පිටත කිද්‍රොන් මිටියාවතේ ඒවා පුළුස්සාදමා, ඒවායේ අළු බෙතෙල් නගරයට ගෙනාවේ ය.


නාමන් ද කතා කොට, “ඔබ රිදී කාසි හයදාහක් ගන්නට සතුටු වන්නැ”යි ඔහුට පෙරැත්ත කර, රිදී කාසි හයදාහක් මලු දෙකක බැඳ, ඇඳුම් කුට්ටම් දෙකකුත් තමාගේ වැඩකාරයන් දෙදෙනෙකු පිට තැබුවේ ය. ඔව්හු ඔහුට පෙරටුවෙන් ඒවා උසුලාගෙන ගියෝ ය.


කෝරාගේ පුත් එබියාසාප්ගේ පුත්‍රයා වන කෝරේගේ පුත් වූ ෂල්ලුම් ද ඔහුගේ පිය වංශයට අයිති ඔහුගේ සහෝදරයන් වන කොරහිවරු ද සේවයේ කටයුතුවලට පත් වී සභා මණ්ඩප දොරටුවල රැකවල්ලු වූ හ. ඔවුන්ගේ පියවරු සමිඳාණන් වහන්සේගේ කඳවුරට ඇතුල් වන තැන රැකවලුන් ලෙස සිටියෝ ය.


මෙයාකාරයෙන් ඒ පෙට්ටිය ලෙවීවරුන් ලවා රාජ භාණ්ඩාගාරයට ගෙන්වන විටත්, බොහෝ මුදල් තිබෙන බව දකින විටත්, රජුගේ ලේකම් ද උත්තම පූජකයාගේ සේවකයා ද අවුත් පෙට්ටිය හිස්කර, එය නැවත ගෙන ගොස් පළමු තිබුණු තැන තැබූ හ. ඔව්හු දවසින් දවස මෙසේ කොට බොහෝ මුදල් එකතු කළෝ ය.


පර්සියාවේ රජ වූ සයිරස්ගෙන් තමන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට ජොප්පාවට මුහුදෙන් කිහිරි ගස් ගෙනෙන පිණිස ඔව්හු මේසන්වරුන්ටත්, වඩුවන්ටත් මුදල් ද සීදොන් වැසියන්ටත්, තීර් වැසියන්ටත් කෑම, බීම හා තෙල් ද දුන්නෝ ය.