2 රාජාවලිය 11:10 - Sinhala New Revised Version පූජකයා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ දාවිත් රජුගේ හෙල්ල හා පලිස් ශතාධිපතීන්ට දුන්නේ ය. Sinhala New Revised Version 2018 පූජකයා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ දාවිත් රජුගේ හෙල්ල හා පලිස් ශතාධිපතීන්ට දුන්නේ ය. Sinhala Revised Old Version පූජකයා ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තිබුණු දාවිත් රජුගේ හෙල්ල හා පලිස් ශතාධිපතීන්ට දුන්නේය. |
මුරකාරයෝ එක් එක්කෙනා තම තමාගේ අතින් ආයුධ රැගෙන මාලිගාවේ දකුණු පැත්තේ පටන් වම් පැත්ත දක්වා පූජාසනයත්, මාලිගාවත් ළඟ රජු වටකර සිටියහ.
මෙසේ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා කළ සියලු වැඩ සම්පූර්ණ විය. සලමොන් තමාගේ පිය දාවිත් විසින් කැප කරනු ලැබ තිබුණු දේවල් එනම්, රිදී ද රන් ද සියලු භාණ්ඩ ද ඇතුළට ගෙනවුත් දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඒවා තැබී ය.
පූජක තෙම පිළිතුරු දෙමින්, “ඔබ ඒලා මිටියාවතේ දී මැරූ පිලිස්තියයා වූ ගොලියත්ගේ කඩුව මා ළඟ ඇත. එය රෙද්දකින් ඔතා ඒපොද් සැට්ටයට එහායින් තබා තිබේ. ඒක ගන්නට කැමැති නම් අරගන්න. ඒක මිස අන් කඩුවක් නැතැ”යි කීවේ ය. දාවිත් පිළිතුරු දෙමින්, “ඊට සමාන අන් කඩුවක් නැත, ඒක මට දෙන්නැ”යි කීවේ ය.