මෙසේ ජේහු ජෙශ්‍රෙයෙල්හි ආහබ්ගේ වංශයෙන් ඉතිරි ව සිටි සියල්ලන් ද ඔහුගේ සියලු ප්‍රධානීන් ද ඔහුගේ කිට්ටු හිතවතුන් ද ඔහුගේ පූජකයන් ද එක් කෙනෙකු වත් ඉතිරි නොකර මැරවී ය.
2 රාජාවලිය 10:12 - Sinhala New Revised Version ජේහු නැඟිට සමාරියට යන්න පිටත් විය. ඔහු මඟ දී එඬේරුන්ගේ බෙත්-එකෙද් නම් ස්ථානයට ළං ව සිටිය දී, Sinhala New Revised Version 2018 ජේහු නැඟිට සමාරියට යන්න පිටත් විය. ඔහු මඟ දී එඬේරුන්ගේ බෙත්-එකෙද් නම් ස්ථානයට ළං ව සිටිය දී, Sinhala Revised Old Version ඔහු නැගිට සමාරියට යන්ට පිටත්වුණේය. ඔහු මගදී බැටළු ලොම් කපන්නන්ගේ ගෙට ළංව සිටියදී, |
මෙසේ ජේහු ජෙශ්‍රෙයෙල්හි ආහබ්ගේ වංශයෙන් ඉතිරි ව සිටි සියල්ලන් ද ඔහුගේ සියලු ප්‍රධානීන් ද ඔහුගේ කිට්ටු හිතවතුන් ද ඔහුගේ පූජකයන් ද එක් කෙනෙකු වත් ඉතිරි නොකර මැරවී ය.
ජුදාහි රජු වන අහසියාගේ සහෝදරයන් ඔහුට සම්බ වී, “ඔබ කවරහු දැ”යි ඇසී ය. “අපි අහසියාගේ සහෝදරයෝ ය. රජුගේ පුත්‍රයන්ටත්, බිසවගේ පුත්‍රයන්ටත් ආචාර කරන්න යමු”යි ඔව්හු කී හ.
ඔහු ද, “ඔවුන් පණපිටින් අල්ලාගන්නැ”යි කී ය. ඔව්හු ඔවුන් පණපිටින් අල්ලාගෙන මිනිසුන් සතළිස්දෙදෙනෙකු වන ඔවුන් බෙත්-එකෙද් නම් ළිඳ ළඟ දී මැරූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඔහු ඉතිරි කෙළේ නැත.
තවද, ජේහු ආහබ්ගේ වංශය කෙරෙහි විනිශ්චය ඉෂ්ට කරද්දී ජුදාහි අධිපතීන් ද අහසියාට සේවය කළ අහසියාගේ සහෝදරයන්ගේ පුත්‍රයන් ද සම්බ වී ඔවුන් මැරුවේ ය.