“ඔබේ පෙරමඟට අවුත් මේ වචන ඔබට කී මනුෂ්‍යයා කෙබඳු කෙනෙක් දැ”යි ඔහු ඔවුන්ගෙන් ඇසී ය.
නුඹලාගේ පෙරමගට ඇවිත් මේ වචන නුඹලාට කී මනුෂ්‍යයාගේ අන්දම කොයි හැටිදැයි ඔහු ඔවුන්ගෙන් ඇසුවේය.
ඔව්හු කතා කොට, “මනුෂ්‍යයෙක් අපේ පෙරමඟට අවුත්, ‘ඔබ හැම එවූ රජු ළඟට හැරී ගොස්, ඔබ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට යවන්නේ ඉශ්රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසා ද? එබැවින්, ඔබ සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි යයි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා ඔහුට කියන්නැ’යි අපට සැළ කෙළේ ය”යි කී හ.
ඔව්හු ඔහුට උත්තර දෙමින්, “ඔහු ලෝම වස්ත්‍රයක් හැඳ, ඉඟටියෙහි සම් පටියක් බැඳගත් මනුෂ්‍යයෙක් ය”යි කී හ. ඔහු, “ඒ තිෂ්බි ජාතික එලියා ය”යි කී ය.
එවිට ගිඩියොන් ශෙබාට හා ශල්මුන්නාට කතා කොට, “ඔබ තාබෝර්හි මැරූ අය කොයි ආකාර මිනිස්සු දැ”යි ඇසුවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “ඒ අය ඔබ වාගේ ය. එකිනෙකා පෙනීමෙන් රාජ කුමාරයන්ට සමාන ය”යි කීවෝ ය.
“ඔහුගේ හැටි කොහොම දැ”යි ඔහු ඇගෙන් ඇසුවේ ය. ඈ පිළිතුරු දෙමින්, “මහලු මිනිසෙක් නැඟී එන්නේ ය; ඔහු සළුවක් පොරවාගෙන සිටින්නේ ය”යි කීවා ය. ඒ සාමුවෙල් බව සාවුල්ට දැනී ඔහු මුණින්තළා වී වැන්දේ ය.