අපට දෙන ලද දේව වරප්‍රසාදය අනුව අපේ කුශලතා විවිධ ය. ඒ කුශලතාව දහම් දෙසීම පිණිස නම්, අපේ ඇදහිල්ලේ ප්‍රමාණය අනුව දහම් දෙසමු.
2 පේත්‍රැස් 1:20 - Sinhala New Revised Version එහෙත් ශුද්ධ ලියවිල්ලෙහි එන දිවැස් වැකියක් කිසිවෙකුට තමා විසින් ම විසඳාගැනීම නොහැකි බව පළමුකොට ඔබ දැනගත යුතු ය. සිංහල කාලීන පරිවර්තනය ශුද්ධ ලියවිල්ලේ කිසි දිවැස්වැකියක් යමකුගේ අදහසකට අනුව හට නො ගන්නා වග සියල්ලටම පළමු ඔබ වටහා ගත යුතු ය. Sinhala New Revised Version 2018 එහෙත් ශුද්ධ ලියවිල්ලෙහි එන දිවැස් වැකියක් කිසිවෙකුට තමා විසින් ම විසඳාගැනීම නොහැකි බව පළමුකොට ඔබ දැනගත යුතු ය. Sinhala Revised Old Version අලුයම පැමිණ පහන් තාරකාව නුඹලාගේ සිත් තුළෙහි පායනතුරු අඳුරු තැනක බබළන පහනක් මෙන් එය සලකන්නහු නම් යහපත්ය. |
අපට දෙන ලද දේව වරප්‍රසාදය අනුව අපේ කුශලතා විවිධ ය. ඒ කුශලතාව දහම් දෙසීම පිණිස නම්, අපේ ඇදහිල්ලේ ප්‍රමාණය අනුව දහම් දෙසමු.
මේ සියල්ලෙහි දී, තීරණාත්මක කාලය පැමිණ ඇති බව සිතට ගන්න. මෙය නින්දෙන් පිබිද සිටිය යුතු වේලාව ය. මන්ද, අප ඇදහීමට පටන්ගත් කාලයට වඩා, අපේ ගැළවීම දැන් ළං වී ඇත.
මින් මතු අප පාපයට වහල් නොවන පිණිස අපේ පාපී ස්වභාවය නැති වන සේ අපේ පූර්ව මිනිස් ගතිය උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ බව අපි දනිමු.
ව්‍යවස්ථාව පනවා ඇත්තේ දමිටුවන් උදෙසා නොව, අදමිටුවන් හා දාමරිකයන් ද, අභක්තිකයන් හා පව්කාරයන් ද, අපිරිසිදුවූවන් හා ශුද්ධ දේ කෙලෙසන්නන් ද, පීතෘ ඝාතකයන් හා මාතෘ ඝාතකයන් ද, මිනීමරුවන් ද,
දේවානුභාවයෙන් යුත් මුළු ශුද්ධ ලියවිල්ල, ඉගැන්වීමට ද දුර්මත දුරු කිරීමට ද හික්මවීමට ද දමිටු ජීවිතයක් ගත කිරීම පිණිස උපදෙස් දීමට ද ප්‍රයෝජනවත් වෙයි.
මෙය පළමුකොට දැනගන්න; අන්තිම දවස්වල දී තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන, ඔබට සරදම් කරන ගරහන්නන් පැමිණ මෙසේ කියනු ඇත.