එකල භූතාත්මයක් පැමිණ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිට, ‘මම ඔහු කැමැති කරවමි’යි කී ය. ‘කුමකින් දැ’යි සමිඳාණන් වහන්සේ ඔහුගෙන් ඇසූ සේක.
2 තෙසලෝනික 2:9 - Sinhala New Revised Version නොපනත්කමේ මනුෂ්‍යයා සාතන්ගේ බලයෙන් යුක්ත ව පැමිණ, සියලු ආකාර ව්‍යාජ ප්‍රාතිහාර්ය ද අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද කරන්නේ ය. සිංහල කාලීන පරිවර්තනය නොපනත්කාමියාගේ පැමිණීම, සාතන්ගේ ක්‍රියාකාරී බලයට අනුව සියලු විධ කූට හාස්කම්, අනුහස් ලකුණු හා අරුම පුදුම මඟින් දැක් වේ. Sinhala New Revised Version 2018 නොපනත්කමේ මනුෂ්‍යයා සාතන්ගේ බලයෙන් යුක්ත ව පැමිණ, සියලු ආකාර ව්‍යාජ ප්‍රාතිහාර්ය ද අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද කරන්නේ ය. Sinhala Revised Old Version ඔහුගේ ඊට සාතන්ගේ ක්‍රියාකිරීමේ හැටියට බොරුවූ සියලු ආකාර ආශ්චර්යවලින්ද ලකුණුවලින්ද පුදුමවලින්ද, |
එකල භූතාත්මයක් පැමිණ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිට, ‘මම ඔහු කැමැති කරවමි’යි කී ය. ‘කුමකින් දැ’යි සමිඳාණන් වහන්සේ ඔහුගෙන් ඇසූ සේක.
මිසර දේශයේ ඉන්ද්‍රජාලිකයෝ ද තමන්ගේ ඇස් බැන්දුම්වලින් එලෙස කළහ. පාරාවෝගේ හිත දැඩි වූයෙන්, සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ඔහු ඔවුන් කී දේ සැලකුවේ නැත.
එවිට ඉන්ද්‍රජාලිකයන් ද තමන්ගේ ඇස්බැන්දුම් මඟින් කිනිතුල්ලන් හටගැන්වීමට වැර දැරූ නමුත් ඔව්හු ඊට අපොහොසත් වූ හ. මෙලෙස මිනිසා පිට හා මෘගයන් පිටත් කිනිතුල්ලෝ බෝ වූ හ.
ඉන්ද්‍රජාලිකයෝ ද තමන්ගේ ඇස් බැන්දුම් මඟින් එලෙස කර මිසර දේශයෙහි මැඩියන් හටගන්නට සැලැස්වූ හ.
සමිඳුන් ඔබ තද නින්දට වැටෙන ලෙස ඔබ කෙරෙහි නිදිබර ගතිය ඇතිකර තිබේ. දිවැසිවරුන් සෙනඟගේ දෙනෙත් මෙන්, විය යුතු නමුත්, දෙවිඳුන් ඔවුන්ගේ ඇස් බැඳ ඇත. බොරු දිවැසිවරුන්ගේ මොළය අවුල්කර ඇත.
මෙසේ කරන්නේ, මුළු ඉශ්රායෙල් වංශය තමන්ගේ දේව රූප කරණකොටගෙන මාගෙන් වෙන් ව ගිය බැවින් ඔවුන් ආපසු මා වෙත දිනාගන්න පිණිස ය.’
එවිට දුෂ්ටාත්මාවේශ වූ, අන්ධ, ගොළු මිනිසෙක් උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දේ ය. උන් වහන්සේ ඔහු සුව කළ සේක. ඒ ගොළුවාට කතා ශක්තිය සහ ඇස් පෙනීම ලැබිණි.
කුමක්නිසා ද ව්‍යාජ ක්‍රිස්තුවරයන් ද ව්‍යාජ දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත්තවුන් පවා මුළා කරන ලෙස ලකුණු හා අරුමපුදුම දේ දක්වනු ඇත.
එවිට ජේසුස් වහන්සේ, කතා කරමින්, “සාතන් පලා යව! ‘නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න; උන් වහන්සේට පමණක් සේවය කරන්න’ කියා ලියා ඇතැ”යි ඔහුට වදාළ සේක.
මක්නිසා ද බොරු ක්‍රිස්තුවරයන් ද බොරු දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත් අය මුළා කරන පිණිස හාස්කම් හා අරුමපුදුම දේ දක්වනු ඇත.
ජේසුස් වහන්සේ, “ඔබ ලකුණු ද අරුමපුදුම දේ ද දුටුවොත් මිස විශ්වාස නො කරන්නාහු ය”යි ඔහුට වදාළ සේක.
ඔබ කරන්නේ ඔබේ පියාගේ ක්‍රියා ය”යි වදාළ සේක. එවිට ඔව්හු; “අපි අවජාතක දරුවෝ නොවෙමු. අපට ඇත්තේ එක ම පියෙකි; එනම්, දෙවියන් වහන්සේ ම ය”යි කී හ.
ඔබේ පියා යක්ෂයා ය. එබැවින් ඔබේ කැමැත්ත ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීම ය. මුල සිට ම ඔහු මිනීමරුවෙකි. සත්‍යය ඔහු තුළ පිහිටා නැති බැවින්, ඔහු සත්‍යයෙහි නොපිහිටියේ ය. ඔහු බොරු කියන කල ඔහුගේ නියම ගතියෙන් ම කතා කරයි. මන්ද, ඔහු බොරුකාරයෙකි. ඔහු බොරුවේ පියා ය.
“වංචාකාර, කෛරාටික, හැම යහපතට ම සතුරුකම් කරන, යක්ෂයාගේ පුත්‍රය, නුඹ සමිඳාණන් වහන්සේගේ යහ මඟ නොමඟට පෙරළීම නවත්වන්නේ නැද් ද?
එහෙත් සර්පයා, සිය උපායෙන් ඒව රැවටුවාක් මෙන්, යම් විධියකින්, ඔබේ සිත් දූෂණය වී, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි පැවති ඔබේ අවංක බව හා නිර්මලතාව පිරිහෙනු ඇත්දැ යි මට භයක් ඇත.
දෙවියන් වහන්සේගේ ස්වරූපය වන ක්‍රිස්තුන් වහන්සේගේ තේජාන්විත සුබ අස්නේ ප්‍රභාව නොපෙනෙන සේ මෙලොව දෙවියා නොඇදහිලිවන්තයන්ගේ සිත් අඳුරු කර ඇත.
එකල ඔබ අනුගමනය කෙළේ මේ යුගයේ පවිටු මඟ ය. තවද, අකීකරු අය තුළ ක්‍රියා කරන බලවේගය වන, ආකාශ බලධාරීන්ගේ අධිපතියාට ද ඔබ යටත් ව සිටියහු ය.
යන්නෙස් සහ යම්බ්‍රෙස් මෝසෙස්ට විරුද්ධ වූවාක් මෙන්, මොවුහු සත්‍යයට විරුද්ධ ව සිටිති. ඔවුන්ගේ සිත් දූෂණය වී ඇත. ඔවුන්ගේ ඇදහිල්ල හිස් දෙයකි.
එවිට මකරා ස්ත්‍රිය කෙරෙහි කෝපයෙන් දිලිහී දෙවියන් වහන්සේගේ ආඥා පිළිපදින, ජේසුස් වහන්සේගේ සාක්ෂිය දරන ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධ ව සටනට ගියේ ය.
මහා මකරා පලවා හරින ලදී. ඔහු නම් මුළු ලොව රැවටූ යක්ෂයා හෙවත් සාතන් යයි නම් ලත්, ආදි සර්පයා ය. ඔහු සමඟ ඔහුගේ දූතයෝ ද පොළොවට හෙළනු ලැබුවෝ ය.
පහනක එළිය තී තුළ තවත් නොබැබළෙයි. මනාලයාගේත් මනාලියගේත් හඬ තී තුළ තවත් නොඇසේ. තීගේ වෙළෙන්දෝ පොළොවේ උත්තමයෝ ව සිටියෝ ය. තීගේ අනවිනවලින් සියලු ජාතීහු මුළා කරනු ලැබුවෝ ය.
එකල මෘගයා ද ඌ ඉදිරියෙහි හාස්කම් කර, උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාර කළවුන් රැවටූ බොරු දිවැසිවරයා ද අල්ලාගනු ලැබූ හ. ඔව්හු දෙදෙනා ම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබූ හ.
එවිට ඔවුන් මුළාවට පත් කළ යක්ෂයා, මෘගයා හා බොරු දිවැසිවරයා සිටින, ගින්නෙන් හා ගෙන්දගමින් යුත් විලට හෙළනු ලැබී ය. ඔව්හු සදහට ම, දිවා රෑ දෙක්හි දරුණු ලෙස වධයට පත් කරනු ලබන්නෝ ය.
පාතාලයේ දූතයා උන්ගේ රජ විය. ඔහුගේ නම හෙබ්‍රෙව් බසින් අබද්දෝනි ය. ග්‍රීක බසින් අපොල්ලියොන් ය. (එහි අර්ථය ‘විනාශකයා’ යනුයි)