ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 තිමෝති 1:3 - Sinhala New Revised Version

මම දිවා රෑ දෙක්හි ම නිතර මාගේ යාච්ඤාවල දී ඔබ සිහි කරමින්, මාගේ මුතුන්මිත්තන් කළාක් මෙන් පිරිසිදු හෘදය සාක්ෂියකින් මා සේවය කරන දෙවියන් වහන්සේට ස්තුති කරමි.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

දිවා හා රැයේ මාගේ යාච්ඤාවලදී නිබඳව ඔබ සිහි කරමින්, මාගේ මුතුන් මිත්තන් කළ සේ පිරිසිදු හෘදය සාක්ෂියකින් යුතුව, මා සේවය කරන දෙවියන්වහන්සේට මම ස්තුති පුදමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මම දිවා රෑ දෙක්හි ම නිතර මාගේ යාච්ඤාවල දී ඔබ සිහි කරමින්, මාගේ මුතුන්මිත්තන් කළාක් මෙන් පිරිසිදු හෘදය සාක්ෂියකින් මා සේවය කරන දෙවියන් වහන්සේට ස්තුති කරමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මම රෑ දාවල් කඩනැතුව මාගේ යාච්ඤාවලදී නුඹ සිහිකරමින්, මුතුන් මුත්තණුවන් පටන් පවිත්‍ර හෘදයසාක්ෂියකින් මා සේවයකරන දෙවියන්වහන්සේට ස්තුතිකරමි.

පරිච්ඡේදය බලන්න



2 තිමෝති 1:3
21 හුවමාරු යොමු  

අසූ හතර අවුරුද්දක් වයස් වන තුරු වැන්දඹුවක් ව සිටියා ය. ඈ දේව මාලිගාවෙන් අහක් ව නො ගොස් දිවා රෑ දෙක්හි උපවාස හා යාච්ඤා පවත්වමින් නමස්කාර කළා ය.


“මම සිලිසියාවේ තාර්සස්හි උපන් ජුදෙව්වෙක්මි, එහෙත් මේ නුවර ඇතිදැඩි වී, පියවරුන්ගේ ව්‍යවස්ථාවේ නියම පිළිවෙළේ හැටියට ගමාලියෙල්ගේ පාමුල ඉගෙනීම ලැබ, අද ඔබ සියල්ලන් සිටින්නාක් මෙන් මමත් දෙවියන් වහන්සේ ගැන බැති සිතින් සිටියෙමි;


පාවුලු ඉතා ඕනෑකමින් මන්ත්‍රණ සභාව දෙස නෙත් යොමා, “සහෝදරයෙනි, මම අද දක්වා දෙවියන් වහන්සේ ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව හැසුරුණෙමි”යි කී ය.


එහෙත් ඔබ ඉදිරියෙහි දැන් මා කියන්නට යන මේ දේ එනම්, නිකායක් යයි ඔවුන් සලකන ධර්ම මාර්ගය මම තරයේ පිළිගනිමි: ව්‍යවස්ථාවලියේ හා දිවැසාවලියේ ලියා තිබෙන සියල්ල විශ්වාස කරමින් අපේ පියවරුන්ගේ දෙවියන් වහන්සේට සේවය කරමි.


ඒ නිසා මමත් ඔවුන් මෙන් ම දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්නට ද නිතර ම උත්සහ කරමි.


“යොවුන් වියේ පටන් මාගේ රට වැසියන් අතර හා ජෙරුසලමෙහි ද මාගේ හැසිරීම ගැන මුල පටන් සියලු ජුදෙව්වරු දනිති.


මා වැඳුම්පිදුම් කරන මාගේ ම දෙවියන් වහන්සේගේ දුතයෙක් ඊයේ රාත්‍රියේ මා ළඟ සිට,


මම කිතුනුවෙකු වශයෙන් සත්‍යය පවසමි. මෙය මුසාවක් නොවේ. ඒ බවට ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ මාගේ හෘදය සාක්ෂිය සහතික කරයි.


අපගේ පාරට්ටුව මෙයයි. එනම්, ලෝකයා අතරත් විශේෂයෙන් ඔබ අතරත් අපගේ හැසිරීම, ලෞකික ප්‍රඥාවෙන් නොව දේව වරප්‍රසාදයෙන් ද දෙවියන් වහන්සේ දුන් ශුද්ධවන්තකමින් ද අවංකකමින් ද පාලනය වූ බවට අපගේ හෘදය සාක්ෂිය සහතික කරයි.


මාගේ පියවරුන්ගේ පරම්පරාගත සම්ප්‍රදායයන් කෙරෙහි උද්‍යෝගිමත් ව, මාගේ ජාතියේ සමකාලීනයන් බොහෝ දෙනෙකු පරදවා, ජුදෙව් ආගම මැනැවින් පිළිපැද්දෙමි.


මම ඔබ ගැන මාගේ යාච්ඤාවල දී සිහි කරමින් නොකඩවා දෙවියන් වහන්සේට ස්තුති කරමි.


ඔබගේ මුහුණ දක්නා පිණිස ද, ඇදහිල්ලේ ඌනතා සම්පූර්ණ කරන පිණිස ද, දිවා රෑ දෙක්හි අපි අධික ලෙස යාච්ඤා කරමු.


එනම්, ඒ වාක්‍යයන් ආයුධ කොට ගෙන, ඇදහිල්ල ද නිදොස් හෘදය සාක්ෂියක් ද ඇති ව, ධර්ම යුද්ධය කරන්න. සමහරු මෙයට පිටුපා ගොස්, ඇදහිල්ල නමැති නැව බිඳ ගත්තෝ ය.


මේ අවවාදයේ අදහස නම්, පිරිසිදු සිතකින් ද, යහපත් හෘදය සාක්ෂියෙන් ද, අවංක ඇදහිල්ලෙන් ද නික්මෙන ප්‍රේමය වර්ධනය කිරීම යි.


එහෙත් ඇත්තෙන් ම අසරණ ව සිටින වැන්දඹුව දෙවියන් වහන්සේට කැප වී, දිවා රෑ දෙක්හි ආයාචනාවල ද යාච්ඤාවල ද යෙදෙයි.


ඒ ඇදහිල්ල ප්‍රථමයෙන් ඔබේ ආච්චි වූ ලොයිස් කෙරෙහි ද, ඔබේ අම්මා වූ යූනිස් කෙරෙහි ද පිහිටියේ ය. ඔබ තුළත් එය ඇති බව මම විශ්වාස කරමි.


ළමාවියේ සිට ඔබ ශුද්ධ ලියවිලි දැනගත් බව ද අමතක නොකරන්න. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලත්, ගැළවීමේ මාර්ගයත්, ඒවායින් ඉගෙනගත හැකි ය.


ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඊයෙත් අදත් සදහටමත් ඒකාකාර ම ය.


ඇරත් මා ඔබ උදෙසා යාච්ඤා නොකර සිටීමේ පාපයෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක් වා, තවද, මම යහ මඟ ඔබට උගන්වන්නෙමි.