දෙ වන වරත්, “එසේ ම කරන්නැ”යි ඔහු කී විට ඔව්හු දෙ වන වරත් එසේ කළෝ ය. තුන් වන වරත්, “එසේ ම කරන්නැ”යි ඔහු කී විට, ඔව්හු තුන් වන වරත් එසේ කළෝ ය.
2 කොරින්ති 8:21 - Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පමණක් නොව, මිනිසුන් ඉදිරියෙහි ද අවංක ව ක්‍රියා කිරීම අපේ අරමුණ වේ. සිංහල කාලීන පරිවර්තනය මන්ද අප අරමුණු කරන්නේ ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ පමණක් නො ව, මිනිසුන්ගේ ඇස් හමුවේ ද ගරු කටයුතු ලෙස කිරීම ය. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පමණක් නොව, මිනිසුන් ඉදිරියෙහි ද අවංක ව ක්‍රියා කිරීම අපේ අරමුණ වේ. Sinhala Revised Old Version මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පමණක් නොව මනුෂ්‍යයන් ඉදිරියෙහිත් ගරුකටයුතු දේ කරන්ට සිතට ගනිමුව. |
දෙ වන වරත්, “එසේ ම කරන්නැ”යි ඔහු කී විට ඔව්හු දෙ වන වරත් එසේ කළෝ ය. තුන් වන වරත්, “එසේ ම කරන්නැ”යි ඔහු කී විට, ඔව්හු තුන් වන වරත් එසේ කළෝ ය.
ඔවුන් හැම දෙය ම කරන්නේ මිනිසුන්ට පෙනෙන පිණිස ය. ඔව්හු ශුද්ධ ලියවිලි පාඨ සඳහන් බඳන පළල් කරගෙන නළලෙහි ද බාහුවල ද පළඳිති. වස්ත්‍රවල දාවලු මහත් කරති.
එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.”
“මිනිසුන්ට පෙනෙන පිණිස ලෝකයා ඉදිරියෙහි ඔබේ පුණ්‍ය ක්‍රියා නොකරන්න බලාගන්න. එසේ කළහොත්, ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේගෙන් කිසි විපාකයක් ඔබට නොලැබෙන්නේ ය.
ඒ දන් දීම රහසක් ව තිබිය යුතු ය. එවිට රහසින් එය දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.”
කිසිවෙකුට නපුරට නපුර නොකරන්න. සියල්ලන් ඉදිරියෙහි උසස් යයි සම්මත දේ කිරීමට සිතට ගන්න.
එලෙස ක්‍රිස්තුන් වහන්සේට සේවය කරන්නා දෙවියන් වහන්සේගෙන් ප්‍රසාදයත්, මිනිසුන්ගෙන් ප්‍රශංසා වත් දිනාගනී.
බොහෝ දෙනෙකු කරන්නාක් මෙන් අපි, දෙවියන් වහන්සේගේ වචනය වංචනික ලෙස භාවිතා නොකොට, අවංක ව ද දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස ද උන් වහන්සේ ඉදිරියෙහි අපි ප්‍රකාශ කරමු.
මේ නොමසුරු දීමනාව සම්බන්ධ ව ක්‍රියා කිරීමෙන් කිසිවෙකුගෙන් දෝෂාරෝපණයක් නොලැබීමට අපි පරෙස්සම් වෙමු.
තවද අපි ඔවුන් සමඟ තවත් සහෝදරයෙකු එවමු. නොයෙක් විට බොහෝ කාරණවල දී ඔහුගේ උද්‍යෝගය අපට ඔප්පු වී ඇත. ඔබ සම්බන්ධයෙන් ඇති ඔහුගේ විශ්වාසය නිසා, දැන් ඔහු වඩාත් උද්‍යෝගිමත් ව සිටියි.
අවසන් කොට, සහෝදරවරුනි, සත්‍ය වූ හා උදාර වූ කොයි දේ ගැනත්, සාධාරණ වූ හා පිරිසිදු වූ කොයි දේ ගැනත්, ප්‍රිය වඩන හා මනහර කොයි දේ ගැනත් සදාචාරාත්මක යයි ප්‍රශංසනීය යයි සිතිය හැකි යමක් ඇද්ද, ඒවා ගැනත් සිත යොදවන්න.
ඔහු සභාවෙන් පිට අය විසින් ගරු කොට සලකනු ලබන්නෙකු ද විය යුතු යි. එසේ නොවේ නම් ඔහු හොඳ නම නැති කරගෙන, යක්ෂයාගේ උගුලට අසු වන්නේ ය.
යෞවන වැන්දඹුවන් විවාහ වී දරුවන් ලබනවාටත්, ගේදොර රැකබලාගන්නවාටත් මම කැමැති වෙමි. එවිට නින්දා කිරීම සඳහා විරුද්ධවාදීන්ට කිසි ඉඩක් නොලැබේ.
ඔබ නපුර කරන්නෝ යයි විජාතිකයන් ඔබට විරුද්ධ ව කතා කරන නමුත්, ඔවුන් ඔබගේ යහපත් ක්‍රියා දැක විනිශ්චය දවසේ දී දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස ඔවුන් අතර යහපත් හැසිරීමකින් කල් යවන්න.
මෙසේ ඈ අලුයම වන තෙක් ඔහුගේ පය අද්දර සැතපී සිට එකිනෙකා හැඳින ගැනීමට හැකි වන්නට පෙර අවදි වූවා ය. මන්ද, ‘ඈ කමතට ආ බව කිසිවෙකු දැන නොගත යුතු ය’යි බෝවස් කී බැවිනි.