2 කොරින්ති 8:18 - Sinhala New Revised Version තවද ධර්මදූත සේවය පිළිබඳ ව සියලු සභාවලින් ප්‍රශංසාව ලබා ඇති සහෝදරයෙකු ද අපි ඔහු සමඟ එවමු. සිංහල කාලීන පරිවර්තනය ශුභාරංචිය ප්‍රකාශ කිරීම ගැන සියලු සභා අතර ජනප්‍රිය සහෝදරයා ද අපි ඔහු සමඟ එවන්නෙමු. Sinhala New Revised Version 2018 තවද ධර්මදූත සේවය පිළිබඳ ව සියලු සභාවලින් ප්‍රශංසාව ලබා ඇති සහෝදරයෙකු ද අපි ඔහු සමඟ එවමු. Sinhala Revised Old Version තවද ශුභාරංචිය ගැන සියලු සභාවලින් ප්‍රශංසාව ලබන සහෝදරයා ඔහු සමඟ එවීමුව; |
මා පැමිණි විට ඔබ දෙන පඬුර ජෙරුසලමට ගෙන යන පිණිස සුදුස්සන් යයි ඔබ අනුමත කරන තැනැත්තන් මගේ ලියුම් ඇතිව, එහි යවන්නෙමි.
එබැවින් මේ සඳහා සමිඳාණන් වහන්සේ තුළ මට ප්‍රියාදර, විශ්වාසවන්ත පුත්‍රයෙකු වන තිමෝතියස් ඔබ වෙත එවමි. ඔහු හැමතැන, හැම සභාවල මා උගන්වන ක්‍රිස්තුන් වහන්සේ තුළ වූ මාගේ සදාචාර පිළිවෙත් ඔබට සිහිගන්වනු ඇත.
එසේ වුව ද සමිඳාණන් වහන්සේ එකිනෙකාට නියම කොට ඇති ප්‍රකාරයට හා දෙවියන් වහන්සේ එකිනෙකා කැඳවා ඇති ප්‍රකාරයට ජීවත් වන්න. සැම සභාවකට ම මා දෙන නියෝගය මේ ය.
ඔබ වෙත යන ලෙස මා තීතස්ගෙන් උදක් ම ඉල්ලා ඔහු සමඟ ඒ සහෝදරයා එවීමි. තීතස් ඔබෙන් අයුතු වාසියක් ලබාගත්තේ ද? අපි එක ම ආත්මයාණන්ගෙන් මඟපෙන්වීම ලබා, එක ම මාර්ගයේ ගමන් නොකෙළෙමු ද?
තවද, ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න දේශනා කිරීමට මා ත්‍රෝවසට පැමිණි කල සමිඳාණන් වහන්සේගේ සේවයට දොරක් විවෘත වී තිබුණි.
එපමණක් නොව, සමිඳාණන් වහන්සේගේ මහිමය උදෙසා ද අපගේ උද්‍යෝගයේ සාක්ෂියක් වශයෙන් ද පුදන මේ දීමනාව අප සමඟ ගෙන යන පිණිස අපේ සහකාරයා වීමට සභාවන් මඟින් ඔහු පත් කර ඇත.