හෙසකියා ද අධිපතීහු ද අවුත් ඒ ගොඩවල් බලා සමිඳාණන් වහන්සේටත්, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් ප්‍රශංසා කළෝ ය.
2 කොරින්ති 8:16 - Sinhala New Revised Version ඔබ ගැන අප දක්වන හිතවත්කම ම, තීතස්ට දැක්වූ දෙවියන් වහන්සේට ස්තුති වේ වා! සිංහල කාලීන පරිවර්තනය ඔබ කෙරේ එම දැඩි සැලකිල්ලම තීතස්ගේ හදෙහිත් තැබූ දෙවියන්වහන්සේට ස්තුති වේවා. Sinhala New Revised Version 2018 ඔබ ගැන අප දක්වන හිතවත්කම ම, තීතස්ට දැක්වූ දෙවියන් වහන්සේට ස්තුති වේ වා! Sinhala Revised Old Version ඉතින් නුඹලා ගැන එම උනන්දුකම තීතස්ගේ සිතට දුන් දෙවියන්වහන්සේට ස්තුතිවේවා. |
හෙසකියා ද අධිපතීහු ද අවුත් ඒ ගොඩවල් බලා සමිඳාණන් වහන්සේටත්, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් ප්‍රශංසා කළෝ ය.
එවිට එස්රා මෙසේ කීවේ ය: “ජෙරුසලමෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලංකාර කරන්නට රජුගේ සිතෙහි කැමැත්තක් ඇති කළා වූ ද රජු ද උපදේශකයන් ද රජුගේ සියලු බලවත් අධිපතීන් ද ඉදිරියෙහි මට කරුණාව ලැබීමට සැලසුවා වූ ද අපේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! එබැවින් මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ හස්තය මා පිට තිබෙන බව දැනගෙන, මා ධෛර්යවත් වී මා සමඟ යන පිණිස, ඉශ්රායෙල්වරුන් අතරෙන් ප්‍රධානීන් මම රැස් කරගතිමි.”
තවද, මම රාත්‍රියේ නැඟිට, මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සමඟ ජෙරුසලම උදෙසා කරන්නට මාගේ දෙවියන් වහන්සේ මාගේ සිතේ තැබූ කල්පනාව කිසි ම මනුෂ්‍යයෙකුට නොදන්වා, මා නැඟී ගිය සතා මිස වෙන යම් සතෙකු නැති ව, රාත්‍රියේ මිටියාවතේ දොරටුවෙන් පිටත් වී,
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් සෙනඟ හා ජුදා සෙනඟ සමඟ ද මා අලුත් ගිවිසුමක් කරන කාලය පැමිණෙන්නේ ය.
මම ඔවුන් වෙතින් ඉවතට නොහැරී, ඔවුන්ට යහපත කරන හැටියට ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් කොට, ඔවුන් මා වෙතින් ඉවත් ව නොයන ලෙස මා කෙරෙහි ගරුබිය දැක්වීම ඔවුන්ගේ සිත්හි උපද වන්නෙමි.
මා ඔබට ලියා එවූ නමුත්, මා එසේ ලීවේ වරද කළ අය නිසා වත්, වරද වින්ද අය නිසා වත් නොව, අප කෙරෙහි ඇති ඔබගේ හිතවත්කම දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔබට ප්‍රකාශ වන පිණිස ය.
ඔහුගේ පැමිණීමෙන් පමණක් නොව ඔබ අතර ඔහු ලැබූ ධෛර්යයෙන් ද අප ධෛර්යවත් කළ සේක. මා දැකීමට ඇති ඔබගේ මහත් ආශාව ද ඔබගේ කණගාටුව ද මට ඇති ඔබගේ පක්ෂපාතකම ද ගැන ඔහු අපට සැළ කළ විට මම වඩාත් ප්‍රීති වීමි.
තීතස් වනාහි ඔබ උදෙසා හවුල් සේවකයෙකු වන මාගේ සහකාරයා ය. සෙසු සහෝදරයෝ වනාහි ක්‍රිස්තුන් වහන්සේට ගෞරවයක් ව සිටින සභාවන්හි නියෝජිතයෝ ය.
එබැවින් තීතස්, මුලින් ම පටන්ගත් මේ සහනාධාර සේවය ඔබ අතරෙහි සම්පූර්ණ කරන ලෙස අපි ඔහුගෙන් උදක් ම ඉල්ලා සිටියෙමු.
තවද, ඔබ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ කුමක් කරතත්, ඒ සියල්ල ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් කරමින් උන් වහන්සේ තුළින් දෙවි පියාණන් වහන්සේට ස්තුති කරන්න.
මන්ද, දෙවියන් වහන්සේගේ වචනය ඉෂ්ට වන තුරු උන් වහන්සේගේ කැමැත්ත කිරීමට, තමන්ගේ රාජ්‍යය එක්සිත් ව මෘගයාට දෙන ලෙස, උන් වහන්සේ ඔවුන්ගේ සිත් කැමැති කරවූ සේක.