මනුෂ්‍ය-පුත්‍රයාණන් නිසා මිනිසුන් ඔබට වෛර බැඳ, ඔබ ප්‍රතික්ෂේප කොට, ඔබට නින්දා කොට, ඔබේ නාමය හෙළා දකින කල ඔබ භාග්‍යවන්තයෝ ය.
2 කොරින්ති 12:10 - Sinhala New Revised Version එහෙයින් ක්‍රිස්තුන් වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම් ද අන්තරා ද අගහිඟකම් ද පීඩා ද විපත්ති ද මම සතුටින් පිළිගනිමි. මක්නිසා ද යත්, දුර්වල ව සිටිය දී ම මම ශක්තිසම්පන්න ව සිටිමි. සිංහල කාලීන පරිවර්තනය ක්‍රිස්තුස්වහන්සේ උදෙසා දුබලතා, ගැරහුම්, අපහසුතා, හිංසා-පීඩා හා දුෂ්කරතා තුළ මා ප්‍රමෝද වන්නේ එබැවිනි. මන්ද මා දුබලව සිටින විට, මම ප්‍රබලව සිටිමි. මම ඔබට බරක් නො වෙමි. Sinhala New Revised Version 2018 එහෙයින් ක්‍රිස්තුන් වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම් ද අන්තරා ද අගහිඟකම් ද පීඩා ද විපත්ති ද මම සතුටින් පිළිගනිමි. මක්නිසා ද යත්, දුර්වල ව සිටිය දී ම මම ශක්තිසම්පන්න ව සිටිමි. Sinhala Revised Old Version එහෙයින් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම්වලටත් අන්තරායවලටත් හිඟකම්වලටත් පීඩාවලටත් විපත්තිවලටත් ප්‍රසන්නව සිටිමි. මක්නිසාද මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි. |
මනුෂ්‍ය-පුත්‍රයාණන් නිසා මිනිසුන් ඔබට වෛර බැඳ, ඔබ ප්‍රතික්ෂේප කොට, ඔබට නින්දා කොට, ඔබේ නාමය හෙළා දකින කල ඔබ භාග්‍යවන්තයෝ ය.
එහෙත් ඔවුන්, මා එවා වදාළ උන් වහන්සේ ව නාඳුනන බැවින්, මාගේ නාමය නිසා මේ සියල්ල ඔවුන් ඔබට කරනු ඇත.
එවිට ප්‍රේරිතයෝ ඒ නාමය උදෙසා නින්දා විඳීමේ භාග්‍යය ගැන ප්‍රීති වෙමින්, මන්ත්‍රණ සභාවෙන් ඉවත් ව ගියහ.
ක්‍රිස්තුන් වහන්සේ උදෙසා අපි මෝඩයෝ ය, එහෙත් ඔබ උගත් කිතුනුවෝ ය. අපි දුබල ය; ඔබ බලවත් ය, ඔබට ගෞරවය ඇත, අපට අගෞරවය ඇත.
උන් වහන්සේ අපගේ සෑම පීඩාවල දී අප සනසන සේක. එසේ කරන්නේ දෙවියන් වහන්සේගෙන් අප ලබන සැනසීම කරණකොටගෙන සියලු ආකාර පීඩා විඳින්නන් සනසන්නට අපටත් හැකි වනු පිණිස ය.
උන් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ බලය පරිපූර්ණ වන්නේ දුර්වලකමේ දී බැවින්, මාගේ වරප්‍රසාදය ඔබට සෑහේ”යයි වදාළ සේක. එබැවින් ක්‍රිස්තුන් වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස, මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටු කරන්නෙමි.
උන් වහන්සේ දුර්වලකමින් කුරුසියෙහි ඇණ ගසනු ලැබූ නමුත්, දෙවියන් වහන්සේගේ බලයෙන් ජීවත්වන සේක. එසේ ම අපි ද උන් වහන්සේගේ දුර්වලකමට පංගුකාරයන් ව සිටින නමුත්, දෙවියන් වහන්සේගේ බලයෙන් උන් වහන්සේ සමඟ ඔබ උදෙසා ජීවත් වන්නෙමු.
අප දුර්වල ව සිටිය දී ඔබ ශක්තිමත් ව සිටීම අපට ප්‍රීතියකි. තවද, ඔබගේ සම්පූර්ණත්වය සඳහා අපි යාච්ඤා කරමු.
දැනට අප විඳින තාවකාලික සුළු දුක, එය මුළුමනින් ම ඉක්මවා යන සදාතන තේජස් සම්භාරයකට මඟ පාදයි.
මන්ද, අපි අප ගැන ම නොව, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ස්වාමීන් බවත්, ජේසුස් වහන්සේ උදෙසා අප ඔබගේ දාසයන් බවත් ප්‍රකාශ කරමු.
උන් වහන්සේ දිවි පිදුවේ ජීවත් වන්නන් තවත් තමන් ම උදෙසා ජීවත් නොවී, ඔවුන් උදෙසා මැරී, උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිස ය.
දෙවියන් වහන්සේ ම අප මඟින් ඔබ හට ආයාචනා කරන්නාක් මෙන්, අපි ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් තානාපතියන් වී, දෙවියන් වහන්සේ හා සමඟි වන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් ඔබට ආයාචනා කරමු.
එසේ නොව, දුක් පීඩා ද අගහිඟකම් ද විපත්ති ද මහත් ඉවසීමකින් විඳදරා, අපි දෙවියන් වහන්සේගේ සේවකයන් වශයෙන් ඔබට ඒත්තුගන්වමු. අපි බොහෝ දේ විඳදරාගත්තෙමු.
ඔබ මට හොඳට ම විශ්වාස ය. ඔබ ගැන මම ආඩම්බර වෙමි. අපේ සියලු දුක්විපත්වල දී මම ධෛර්යයෙන් පිරී ප්‍රීතියෙන් පිනා යමි.
මන්ද, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අදහන්නට පමණක් නොව, උන් වහන්සේ උදෙසා දුක් විඳින්නටත් වරප්‍රසාදයක් ඔබට දෙන ලද්දේ ය.
ඔබ උදෙසා මා විඳින දුක් ගැන දැන් මම ප්‍රීති වෙමි. මගේ ඒ ශාරීරික දුක් විඳීම හේතුකොටගෙන, ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන් වහන්සේගේ දුක් විඳීමේ ඌනතා සම්පූර්ණ කිරීමට මම සහාය වෙමි.
ඔබගේ සියලු පීඩාවල දී හා ඔබ විඳින දුක්ගැහැටවල දී ඔබ දක්වන ඉවසීම හා ඇදහිල්ල ගැන දෙවියන් වහන්සේගේ සභාවල දී අපි ඔබ ගැන පාරට්ටු කරමු.
අන්තියෝකියේදීත්, ලුස්ත්‍රාවේදීත්, ඉකොනියේදීත්, මට ඇති වුණු පීඩා හා දුක්විඳීම් ද ඔබ දන්නෙහි ය. ඒ සියල්ලෙන් ම සමිඳාණන් වහන්සේ මා මිදූ සේක.