ඈ වනාහි ඇගේ ස්වාමිදුවට කතා කොට, “මාගේ ස්වාමියා සමාරියේ දිවැසිවරයා ඉදිරියෙහි පෙනී සිටියොත් හොඳ ය; එවිට ඔහුගේ කුෂ්ඨය සුව කරනු ඇතැ”යි කීවා ය.
2 කොරින්ති 11:1 - Sinhala New Revised Version මාගේ සුළු අනුවණකමක් ගැන ඉවසන මෙන් ඉල්ලමි. ඔබ ඉවසන බවට මට සැකයක් නැත. සිංහල කාලීන පරිවර්තනය මගේ සුළු අනුවණකමක් ඔබ ඉවසනවාට කැමැත්තෙමි. මා ගැන ඉවසා සිටින්න; Sinhala New Revised Version 2018 මාගේ සුළු අනුවණකමක් ගැන ඉවසන මෙන් ඉල්ලමි. ඔබ ඉවසන බවට මට සැකයක් නැත. Sinhala Revised Old Version ස්වල්ප අඥානකමකදී නුඹලා මා ගැන ඉවසන්නහු නම් කැමැත්තෙමි. එසේය, මා ගැන ඉවසන්න. |
ඈ වනාහි ඇගේ ස්වාමිදුවට කතා කොට, “මාගේ ස්වාමියා සමාරියේ දිවැසිවරයා ඉදිරියෙහි පෙනී සිටියොත් හොඳ ය; එවිට ඔහුගේ කුෂ්ඨය සුව කරනු ඇතැ”යි කීවා ය.
මෝසෙස් ඔහුට කතා කොට, “ඔබ මාගේ යහපතට ඊර්ෂ්‍යා කරන්නෙහි ද? දෙවිඳාණෝ උන් වහන්සේගේ මුළු සෙනඟ දිවැසිවරුන් කර, ඔවුන් හට සිය ආත්මානුභාවය දෙන සේක් නම් කෙතරම් අනගි දැ”යි පිළිතුරු දුනි.
ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “අහෝ! ඇදහිල්ල නොමැති හිතුවක්කාර පරම්පරාව, මා කොපමණ කල් ඔබ සමඟ සිටින්න ද? කොපමණ කල් ඔබ ගැන ඉවසන්න ද? ඔහු මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක.
පාවුලු කතා කරන්නට සැරසෙන විට ගලියෝ ජුදෙව්වරුන් අමතමින්, “ජුදෙව්වරුනි, මේ කාරණය අපරාධයක් වත් නපුරු දුෂ්ට කමක් වත් වී නම්, මා ඔබේ පැමිණිල්ලට සවන් දීම යුතු ය.
පාවුලු කතා කොට, “ඔබ පමණක් නොව, අද මාගේ වචනය අසන සියල්ලන් ද, පහසුවෙන් හෝ අපහසුවෙන් හෝ මාගේ මේ යදම් නැති ව, මා වාගේ ම වන ලෙස දෙවියන් වහන්සේට යාච්ඤා කරමි”යි කී ය.
මන්ද, දෙවියන් වහන්සේගේ ප්‍රඥාවන්ත සැලැස්ම අනුව ලෝකයාට ස්වකීය ප්‍රඥා බලයෙන් දෙවියන් වහන්සේ දැනගැනීමට නොහැකි විය. ඒ වෙනුවට ප්‍රලාපයකැ යි කියන සුබ අස්න දේශනා කිරීමෙන් අදහන්නන් ගළවාලීමට උන් වහන්සේ සතුටු වූ සේක.
කිසිවෙක් තමා ම රවටා නොගනිත් වා. ඔබ අතර යමෙක් තමා ප්‍රඥාවන්තයෙක් යයි සිතන්නේ නම්, ඔහු නියම ප්‍රඥාවන්තයෙකු වන පිණිස, ලෝක මිම්ම අනුව ඔහු මෝඩයෙක් වේ වා.
ක්‍රිස්තුන් වහන්සේ උදෙසා අපි මෝඩයෝ ය, එහෙත් ඔබ උගත් කිතුනුවෝ ය. අපි දුබල ය; ඔබ බලවත් ය, ඔබට ගෞරවය ඇත, අපට අගෞරවය ඇත.
අවශ්‍ය හැම දේ ම දැනට ම ඔබට ඇත; දැනට ම ඔබ ධනවත් ය. දැනට ම අප නැතුව ඔබ රජවරු ය. ඔබ සැබෑවට ම රජවරු නම් මම කෙතරම් කැමැති වෙම් ද? එවිට අපටත් ඔබ සමඟ රජවරුන් වෙන්න ඉඩ තිබිණි.
මෙසේ කිරීමට තරම් මා දුර්වල වී නම් මම ලජ්ජා වෙමි. යමක් ගැන යමෙක් ආඩම්බර වේ නම්, මටත් එලෙස ආඩම්බර විය හැකි ය. මා එසේ කියන්නේ අඥානකමින් ය.
යමෙක් ඔබ වෙත පැමිණ අප ප්‍රකාශ නොකළ වෙන ජේසුස් කෙනෙකුන් ප්‍රකාශ කරයි නම්, ඔබ කලින් නොලැබූ වෙනත් ආත්මයක් හා ඔබ නොපිළිගත් වෙන සුබ අස්නක් ඉදිරිපත් කරයි නම්, එවැන්නෙකු පිළිගැනීමට ඔබ සූදානම් ය. එය හරි කදිම යි!
මා අනුවණයෙකු මෙන් කතා කළ බව ඇත්ත ය. එයට වගකිව යුත්තේ ඔබ ම ය. ඔබ කළ යුතු ව තිබුණේ මා ගැන සාක්ෂි දැරීම ය. මා නිකමෙකු වුවත්, මම කිසිසේත් ඔය උත්කෘෂ්ට ප්‍රේරිතවරුන්ට දෙ වන තත්ත්වයේ නොවෙමි.
අපි සිහිවිකල වී සිටිමු නම්, එය දෙවියන් වහන්සේ උදෙසා ය. අපි සිහි බුද්ධියෙන් සිටිමු නම්, එය ඔබ උදෙසා ය.
ඔහුත් දුර්වලකම්වලට භාජන වී සිටින බැවින් අනුවණයන් ද මුළාවෙන්නන් ද ගැන ඉවසිල්ලෙන් ක්‍රියා කිරීමට ඔහුට පිළිවන.
ජෝෂුවා කතා කොට, “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, අප විනාශ කරන පිණිස අමෝරිවරුන් අතට අප පාවා දීමට ඔබ මේ සෙනඟ ජොර්දානෙන් මෙගොඩට පැමිණෙව්වේ කුමක් නිසා ද? අනේ! අපි ජොර්දාන් ගඟින් එගොඩ වාසය කරන්නට සතුටු වුණෙමු නම් කොපමණ හොඳ ද?