“නුඹ ගොස්, ‘සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ’යි මාගේ මෙහෙකරු වූ දාවිත්ට කියන්න; ‘මාගේ වාසය පිණිස නුඹ මාලිගාවක් ගොඩ නොනඟන්නෙහි ය.
2 ලේකම් 6:9 - Sinhala New Revised Version එහෙත්, නුඹ ඒ මාලිගාව ගොඩනොනඟන්නෙහි ය. නුඹට දාව උපදින නුඹේ පුත්‍රයා මාගේ නාමයට ඒ මාලිගාව ගොඩනඟන්නේ ය’යි වදාළ සේක. Sinhala New Revised Version 2018 එහෙත්, නුඹ ඒ මාලිගාව ගොඩනොනඟන්නෙහි ය. නුඹට දාව උපදින නුඹේ පුත්‍රයා මාගේ නාමයට ඒ මාලිගාව ගොඩනඟන්නේ ය’යි වදාළ සේක. Sinhala Revised Old Version එසේවී නුමුත් නුඹ ඒ ගෘහය ගොඩ නොනගන්නෙහිය; නුඹ තුළෙන් නික්මෙන නුඹේ පුත්‍රයාම මාගේ නාමයට ඒ ගෘහය ගොඩනගන්නේයයි කීසේක. |
“නුඹ ගොස්, ‘සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ’යි මාගේ මෙහෙකරු වූ දාවිත්ට කියන්න; ‘මාගේ වාසය පිණිස නුඹ මාලිගාවක් ගොඩ නොනඟන්නෙහි ය.
එහෙත්, දෙවියන් වහන්සේ මට කතා කොට, ‘නුඹ මාගේ නාමයට මාලිගාවක් ගොඩ නොනඟන්නෙහි ය; මන්ද, නුඹ රණකාමී මනුෂ්‍යයෙකි; නුඹ ලේ වැගිරෙවුවෙහි ය’යි වදාළ සේක.
“සමිඳාණන් වහන්සේ තමන් වදාළ වචනය ඉෂ්ට කර තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ වදාළ හැටියට මම මාගේ පිය වූ දාවිත් වෙනුවෙන් ඉශ්රායෙල් සිංහාසනයේ හිඳ, ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනැඟුවෙමි.
එහෙත්, සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ට කතා කොට, ‘මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්න නුඹේ සිතේ අදහසක් තිබිණි. එය හොඳ දෙයකි.