ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 4:9 - Sinhala New Revised Version

පූජකයන්ගේ මළුව ද මහ මළුව ද ඒ මළුවට දොරවල් ද සාදා, ඒ දොරවල් ලෝකඩෙන් වැසුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පූජකයන්ගේ මළුව ද මහ මළුව ද ඒ මළුවට දොරවල් ද සාදා, ඒ දොරවල් ලෝකඩෙන් වැසුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පූජකයන්ගේ මළුවද මහ මළුවද ඒ මළුවට දොරවල්ද සාදා, ඒ දොරවල් පිත්තලෙන් වැසුවේය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 4:9
6 හුවමාරු යොමු  

ඇතුළු මළුව කැපූ ගල් පේළි තුනකින් ද කිහිරි දැව පේළියකින් ද සෑදුවේ ය.


වටකර තිබුණ මහ මළුව කැපූ ගල් පේළි තුනකින් ද කිහිරි දැව පේළියකින් ද සාදන ලද්දේ ය. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු මළුවත්, මාලිගාවේ ශාලාවත් එලෙස ම විය.


සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මළු දෙකෙහි මුළු ආකාශ වස්තූන්ටත් පූජාසන ගොඩනැඟුවේ ය.


මෙසේ ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මණ්ඩප දෙකේ ග්‍රහතාරකාවන් සියල්ලට පූජාසන ගොඩනැඟුවේ ය.


“නුඹ මණ්ඩපය සඳහා මළුව ද තැනිය යුතු යි. දකුණු දෙසට මූණ ලා, මළුවේ දකුණු පැත්තට, එක පැත්තක් මීටර් හතළිස්හතරක් දිග, සිහින් ව කටින ලද හණ පිළියෙන් තිර සෑදිය යුතු යි.


ඔහු ඇතුළු ගෘහය මැන අවසන් කළ විට නැගෙනහිර කොටස දෙසට තිබෙන දොරටුවේ මාර්ගයෙන් මා පිටතට ගෙන ගොස් වටේට ම එය මැන්නේ ය.