ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 35:1 - Sinhala New Revised Version

ජොෂියා ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේට පාස්කු මංගල්‍යයක් පැවැත්වී ය. ඔව්හු පළමු වන මාසයේ දහහතර වන දා පාස්කු බැටළු පැටවුන් මැරූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජොෂියා ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේට පාස්කු මංගල්‍යයක් පැවැත්වී ය. ඔව්හු පළමු වන මාසයේ දහහතර වන දා පාස්කු බැටළු පැටවුන් මැරූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යොෂියා යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේට පාස්කු මංගල්‍යයක් පැවැත්තුවේය. ඔව්හු පළමුවෙනි මාසයේ දහහතරවෙනිදා පාස්කු බැටළුපැටවුන් මැරුවෝය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 35:1
9 හුවමාරු යොමු  

ඔව්හු පාස්කු බැටළු පැටවුන් මැරුවෝ ය. පූජකයෝ ද ඔවුන් අතින් ලේ රැගෙන ඉස්සෝ ය. ලෙවීවරු සතුන් හම ගසා සූදානම් කළහ.


පාස්කු බැටළු පැටවුන් මරන්න. ඔබ පවිත්‍ර වී, මෝසෙස් මඟින් ලත් සමිඳාණන් වහන්සේගේ වචනයේ හැටියට කිරීමට ඔබේ සහෝදරයන් උදෙසා උන් සූදානම් කරන්නැ”යි කීවේ ය.


විප්‍රවාසයෙන් මිදී ආ අය පළමු වන මාසයේ දහහතර වන දින පාස්කු මංගල්‍යය පැවැත්වූ හ.


එම මාසයේ ම දහහතර වන දින දක්වා ඌ තබාගෙන, එදින හවස රැස් වන මුළු ඉශ්රායෙල් ජනතාව ඌ මැරිය යුතු ය.


“පළමු වන මාසයේ දහහතර වන දින පටන් පාස්කු මංගල්‍යය සත් දවසක් පවත්වමින් මුහුන් නැති රොටි කන්න.


“මේ මාසයේ දහහතර වන දින සවස ඔවුන් එය නියමිත වේලාවට ඊට සම්බන්ධ සියලු ම නීති නියෝග අනුව සිදු කළ යුතු ය”යි වදාළ සේක.