එවිට, රජ ගෙදර ප්‍රධානියා වූ හිල්කියාගේ පුත් එලියාකිම් ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත් ජෝවා ද පිටත් ව ඔවුන් ළඟට ගියෝ ය.
2 ලේකම් 34:18 - Sinhala New Revised Version තවද, ලේකම් වන ෂාපාන් රජුට කතා කොට, “පූජක වන හිල්කියා මට පොතක් භාර දුන්නේ ය” කියා රජු ඉදිරිපිට එයින් කියෙවුවේ ය. Sinhala New Revised Version 2018 තවද, ලේකම් වන ෂාපාන් රජුට කතා කොට, “පූජක වන හිල්කියා මට පොතක් භාර දුන්නේ ය” කියා රජු ඉදිරිපිට එයින් කියෙවුවේ ය. Sinhala Revised Old Version තවද ලේකම්වූ ෂාපාන් රජුට කථාකොට: පූජකවූ හිල්කියා මට පොතක් භාරදුන්නේය කියා, රජු ඉදිරිපිට එයින් කියෙවුවේය. |
එවිට, රජ ගෙදර ප්‍රධානියා වූ හිල්කියාගේ පුත් එලියාකිම් ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත් ජෝවා ද පිටත් ව ඔවුන් ළඟට ගියෝ ය.
සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ තිබූ මුදල් ගෙන ඔව්හු නිලධාරීන් අතටත්, කර්මාන්තකාරයන් අතටත් දුන්නෝ ය”යි රජුට දැන්වී ය.
මෙසේ ඔහු එය තමා ළඟ තබාගෙන, මුළු ජීවිත කාලය තුළ ම එය කියවිය යුතු ය. එසේ කියවීමෙන් ඔහු තම දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමට ද නීති හා නියෝගවල අඩංගු සියල්ල ආරක්ෂා කරමින් ඒවා පිළිපැදීමට ද ඉගෙන ගන්නේ ය;
මේ නීති සංග්‍රහය නුඹ නිතර ම කියවිය යුතු ය. එහි ලියා තිබෙන සියල්ල අනුව ක්‍රියා කරන පිණිස ඒ ගැන දිවා රෑ දෙක්හි භාවනා කළ යුතු ය. එවිට නුඹ කරන දේ සඵල වී නුඹට ශුභසිද්ධිය සැලසෙනු ඇත.