නායක පූජක වන හිල්කියා ලේකම් වන ෂාපාන්ට කතා කොට, “ව්‍යවස්ථා පොත සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මට සම්බ විය” කියා පොත ෂාපාන්ට දුන්නේ ය; ඔහු එය කියවී ය.
2 ලේකම් 34:15 - Sinhala New Revised Version හිල්කියා තෙමේ ලේකම් වන ෂාපාන්ට කතා කොට, “ව්‍යවස්ථා පොත සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබී මට සම්භ වී ය”යි කියා ඒ පොත ෂාපාන්ට භාර දුන්නේ ය. Sinhala New Revised Version 2018 හිල්කියා තෙමේ ලේකම් වන ෂාපාන්ට කතා කොට, “ව්‍යවස්ථා පොත සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබී මට සම්භ වී ය”යි කියා ඒ පොත ෂාපාන්ට භාර දුන්නේ ය. Sinhala Revised Old Version හිල්කියා තෙමේ ලේකම්වූ ෂාපාන්ට කථාකොට: ව්‍යවස්ථා පොත ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තිබී මට සම්බවීයයි කියා ඒ පොත ෂාපාන්ට භාරදුන්නේය. |
නායක පූජක වන හිල්කියා ලේකම් වන ෂාපාන්ට කතා කොට, “ව්‍යවස්ථා පොත සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මට සම්බ විය” කියා පොත ෂාපාන්ට දුන්නේ ය; ඔහු එය කියවී ය.
තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනා මුදල් ඔවුන් එළියට ගන්න කල මෝසෙස් මඟින් දෙන ලද සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථා පොත හිල්කියා පූජකයාට සම්භ විය.
ෂාපාන් ද පොත ගෙන නැවත රජු ළඟට ගෙන ගොස්, “ඔබේ මෙහෙකරුවන්ට භාර දුන් සියල්ල ම ඔව්හු කරති.
ජුදාහි සියලු මනුෂ්‍යයන් ද ජෙරුසලමේ වැසියන් ද පූජකයන් ද ලෙවීවරුන් ද ලොකු කුඩා මුළු සෙනඟ ද සමඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගියේ ය. තවද, ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබී සම්භ වූ ගිවිසුම් පොතේ සියලු වචන ද ඔවුන් අසාගෙන සිටිද්දී කියෙව්වේ ය.
මේ සිද්ධිවලින් පසු, පර්සියාවේ අර්තක්ෂස්තාගේ රාජ්‍ය කාලයේ දී එස්රා නම් මිනිසෙක් සිටියේ ය. එස්රා සොරායාගේ පුත්‍රයා ය; ඔහු අශරියාගේ පුත්‍රයා ය; ඔහු හිල්කියාගේ පුත්‍රයා ය.
හත් වන මස පළමු වන දවස පැමිණි කල ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ නගරවල සිටියෝ ය. මුළු සෙනඟ ද එක් කෙනෙකු මෙන් වතුර දොරටුව ඉදිරිපිට චතුරශ්‍රයෙහි රැස් වූ හ. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේ විසින් ඉශ්රායෙල්වරුන්ට අණ කරන ලද මෝසෙස්ගේ ව්‍යවස්ථා පොත ගෙනෙන්නට නීතිවේදියා සහ පූජකයා වන එස්රාට කී හ.
එකල ඔහු සෙනඟගේ සියලු නායක පූජකයන් ද විනයධරයන් ද රැස් කරවා, “ක්‍රිස්තුන් වහන්සේ කොතැන්හි උපදින සේක් දැ”යි ඔවුන්ගෙන් විචාළේ ය.
ඔහු රාජකීය සිංහාසනය අරා හිඳින කල, ලෙවීවරුන් වන පූජකවරුන්ගේ පොතේ හැටියට මේ ව්‍යවස්ථාවෙන් පිටපතක් ලියාගෙන තමා ළඟ තබාගත යුතු ය.