ජොෂියා අට අවුරුදු වයසේ දී රජ වී තිස්එක් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය.
යොෂියා අට අවුරුදු වයසේදී රජවී තිස්එක අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය.
උන් වහන්සේගේ ආඥාව පිට පූජාසනයට විරුද්ධ ව ප්‍රසිද්ධියේ චෝදනා කරමින්, “එම්බා පූජාසනය, පූජාසනය, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ජොසියා නම් පුත්‍රයෙක් දාවිත්ගේ වංශයට ඉපිද, කඳු මත පූජාස්ථානවල සුවඳ පූජා ඔප්පු කරන පූජකයන් මේ පූජාසනය පිට පූජා කරන්නේ ය; මිනීඇට ද තා පිට දවනු ලබන්නේ ය’ ”යි පැවසී ය.
එවිට රජ තෙම ජුදාහි ද ජෙරුසලමෙහි ද සියලු ප්‍රජා මූලිකයන් තමා ළඟට රැස් කරවාගෙන,
ජෝවාෂ් සත් අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමෙහි සතළිස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ශිබියා ය. ඈ බෙයර්-ෂෙබාහි ස්ත්‍රියකි.
එකල ජුදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස් වන උශ්ශියා තෝරාගෙන ඔහුගේ පිය වූ අමශියා වෙනුවට ඔහු රජකමට පත් කළෝ ය.
මනස්සේ දොළොස් අවුරුදු වයසේ දී රජ වී පණස්පස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය.
එහෙත්, දේශයේ සෙනඟ ආමොන් රජුට විරුද්ධ ව මන්ත්‍රණය කළ සියල්ලන් මරා ඔහුගේ පුත් ජොෂියා ඔහු වෙනුවට රජකමට පත් කළෝ ය.
අවවාදයක් පිළිගන්න අකමැති අඥාන මහලු රජෙකුට වඩා දිළිඳු, නැණවත් යෞවනයෙක් හොඳ ය.
ආමොන්ගේ පුත් ජුදාහි රජ වූ ජොෂියාගේ රාජ්‍ය කාලයේ දහතුන් වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය.
“ආමොන්ගේ පුත් ජුදාහි රජු වූ ජොෂියාගේ දහතුන් වන අවුරුද්දේ පටන් අද දක්වා මේ අවුරුදු විසිතුනේ ම සමිඳාණන් වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය. මම ද නිරන්තරයෙන් එය ඔබට ප්‍රකාශ කෙළෙමි. එහෙත්, ඔබ සවන් දුන්නේ නැත.
ජොෂියා රජු දවස සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “අර ඉශ්රායෙල් අඟන, මට ද්‍රෝහි ව කළ දේ නුඹ දුටුවෙහි ද? ඈ උස් වූ සියලු කඳු උඩටත්, සියලු අතුපතර ඇති ගස් යටටත් ගොස් එහි දී වේශ්‍යාකම් කළා ය.
ආමොන්ගේ පුත්, ජුදාහි රජ ව සිටි ජොෂියාගේ කාලයේ දී සමිඳාණන් වහන්සේ ශෙපනියාට දුන් පණිවුඩය මේ ය. ශෙපනියා වනාහි හෙසකියාගේ පුත් අමරියාගේ පුත්‍රයා වන ගෙදලියාගේ පුත් වූ කුෂිගේ පුත්‍රයා ය.
රිදී කාසි පන්දාහ ලැබූ තැනැත්තේ වහා ම ගොස් එයින් වෙළෙඳාම් කොට තවත් රිදී කාසි පන්දාහක් උපදවා ගත්තේ ය.
ළමා වියෙහි සිටි සාමුවෙල් හණ ඒපොද් සැට්ටයක් ඇඳගෙන, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සේවය කරමින් සිටියේ ය.
සාමුවෙල් කාය ශක්තියෙන් ද සමිඳාණන් වහන්සේගෙන් හා මනුෂ්‍යයන්ගෙන් ප්‍රසාදය ලබමින් ද වැඩුණේ ය.