ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 23:20 - Sinhala New Revised Version

තවද, ඔහු ශතාධිපතීන් ද වංශාධිපතීන් ද සෙනඟගේ ආණ්ඩුකාරයන් ද දේශයේ මුළු සෙනඟ ද කැඳවාගෙන, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සිට රජු ගෙන ගියේ ය. ඔව්හු ඉහළ දොරටුවෙන් රජ ගෙට පැමිණ රජතුමන් රාජාසනයෙහි වාඩි කරවූ හ. මෙසේ දේශයේ මුළු සෙනඟ ප්‍රීති වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද, ඔහු ශතාධිපතීන් ද වංශාධිපතීන් ද සෙනඟගේ ආණ්ඩුකාරයන් ද දේශයේ මුළු සෙනඟ ද කැඳවාගෙන, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සිට රජු ගෙන ගියේ ය. ඔව්හු ඉහළ දොරටුවෙන් රජ ගෙට පැමිණ රජතුමන් රාජාසනයෙහි වාඩි කරවූ හ. මෙසේ දේශයේ මුළු සෙනඟ ප්‍රීති වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද ඔහු ශතාධිපතීන්ද වංශාධිපතීන්ද සෙනඟගේ ආණ්ඩුකාරයන්ද දේශයේ මුළු සෙනඟද කැඳවාගෙන, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සිට රජු ගෙනගියේය. ඔව්හු ඉහළ දොරටුවෙන් රජගෙට පැමිණ රජ්ජුරුවන් රාජාසනයෙහි හිදෙවුවෝය. මෙසේ දේශයේ මුළු සෙනඟ ප්‍රීතිවූහ,

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 23:20
4 හුවමාරු යොමු  

තවද, ඔහු ශතාධිපතීන් ද ආරක්ෂක භටයන් ද මුරකාරයන් ද දේශයේ මුළු සෙනඟ ද පිරිවරා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සිට රජු ගෙන ගොස්, මුරකාරයන්ගේ දොරටු මාර්ගයෙන් රජ ගෙදරට පැමිණියේ ය. එවිට ඔහු රජවරුන්ගේ සිංහාසනයෙහි වාඩි විය.


එහෙත්, ගිරිකුළු දේවාල පහ නොකරන ලද්දේ ය. ඒ වන තෙක් සෙනඟ ගිරිකුළු දේවාලවල සුවඳ ද්‍රව්‍ය පිදූ හ. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඉහළ දොරටුව ගොඩනැඟුවේ ඔහු ය.


එවිට සලමොන් තමාගේ පිය වූ දාවිත් වෙනුවට රජ ව සමිඳාණන් වහන්සේගේ සිංහාසනයෙහි හිඳ සමෘද්ධිමත් විය. සියලු ඉශ්රායෙල්වරු ඔහුට කීකරු වූ හ.