2 ලේකම් 2:11 - Sinhala New Revised Version එවිට තීර්හි රජ වන හූරාම්, සලමොන්ට ලියුමකින් උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට ප්‍රේම කරන නිසා උන් වහන්සේ ඔබ ඔවුන්ගේ රජ කොට පත් කළ සේකැ”යි කී ය. Sinhala New Revised Version 2018 එවිට තීර්හි රජ වන හූරාම්, සලමොන්ට ලියුමකින් උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට ප්‍රේම කරන නිසා උන් වහන්සේ ඔබ ඔවුන්ගේ රජ කොට පත් කළ සේකැ”යි කී ය. Sinhala Revised Old Version එවිට තීර්හි රජවූ හූරාම් සාලමොන්ට ලියුමකින් උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟට ප්‍රේමකරන නිසා උන්වහන්සේ ඔබ ඔවුන් කෙරෙහි රජකොට පත්කළසේකැයි කීය. |
ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනය පිට ඔබ පත් කරන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වූ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! සමිඳාණන් වහන්සේ සැම කල්හි ම ඉශ්රායෙල්වරුන්ට ප්‍රේම කළ බැවින් විනිශ්චයත්, යුක්තියත් ඉෂ්ට කරන්නට උන් වහන්සේ ඔබ රජ කොට පත් කළ සේකැ”යි කීවා ය.
ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනයට ඔබ පත් කරන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වූ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! ඔබේ දෙවියන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට ප්‍රේම කළ බැවින්, ඔවුන් සදහට ම ස්ථිර කරන පිණිස ඔවුන්ට විනිශ්චයත්, යුක්තියත් ඉෂ්ට කරන්න උන් වහන්සේගේ නාමයෙන් ඔබ ඔවුන්ගේ රජ කොට පත් කළ සේකැ”යි කීවා ය.
එතුමාගේ නාමය සදහට ම පවතී වා! ඉර හඳ පවතින තෙක් එතුමාට කීර්තිය අත් වේ වා! එතුමා අතින් සව් සත ආසිරි ලබත් වා! සියලු ජාතීහු එතුමාට සව්සිරි පතත් වා!
“ඔබගෙන් ඒ වරය ලබන්න ඔහු සුදුස්සෙකි, ඔහු අපේ ජාතියට හිත ඇති කෙනෙකි; තවද අපේ ධර්මශාලාව තනා දුන්නේත් ඔහු ය” කියා, උන් වහන්සේගෙන් උදක් ම ඉල්ලා සිටියහ.