ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 18:24 - Sinhala New Revised Version

මීකායා ද උත්තර දෙමින්, “බලන්න, ඔබ සැඟවෙන්න ඇතුල් ගෙයකට යන දවසේ දී එය දැන ගන්නෙහි ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මීකායා ද උත්තර දෙමින්, “බලන්න, ඔබ සැඟවෙන්න ඇතුල් ගෙයකට යන දවසේ දී එය දැන ගන්නෙහි ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මීකායාද: බලව, නුඹ සැඟවෙන්ට ඇතුල් ගෙයකට යන දවසේදී දැනගන්නෙහියයි කීවේය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 18:24
8 හුවමාරු යොමු  

ඉතිරි අය අපෙක් නම් නගරය තුළට පලා ගියහ. එහි දී ඉතිරි ව සිටි විසිහත්දහසක් මනුෂ්‍යයන් පිට පවුරු වැටිණි. බෙන්‍-හදද් පලා ගොස් නගරයට පැමිණ ඇතුළු ගෙයකට ගියේ ය.


මෙය ඇසූ විට කෙනානාගේ පුත් ශෙදෙකියා ළං වී, මීකායාගේ කම්මුලට ගසා, “සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔබට කතා කරන්න මා කෙරෙන් ගියේ මොන මාර්ගයෙන් දැ”යි ඇසුවේ ය.


ඉශ්රායෙල් රජ කතා කොට, “ඔබ මීකායා ගෙන නුවර අධිපතියා වන ආමොන් ද රජුගේ පුත් ජෝවාෂ් ද ළගට ගොස්, ‘මොහු හිරගෙහි ලා,


ඔවුන්ට දඬුවම් කිරීමට ඔබේ හස්තය එසවී ඇත. එහෙත්, ඔව්හු ඒ බව නොදනිති. සමිඳුනි, ඔවුන් ලජ්ජාවට පමුණුවා ඔවුන් දුකට පත් කළ මැනව. ඔබ අදහස් කළ දඬුවමින් ඔව්හු දුක් විඳිත් වා! ඔබේ සෙනඟට ඔබ කෙතරම් ප්‍රේම කරන සේක් දැ යි ඔවුන්ට පෙන්වුව මැනව.


මාගේ සෙනඟෙනි, නුඹලාගේ ගෙවලට ඇතුළු වී, දොරවල් වසාගෙන, දෙවිඳුන්ගේ කෝපය සංසිඳෙන තුරු ස්වල්ප කලක් සැඟවී සිටින්න!


කෙසේ ද යත්: “ස්වාමීන් වන මම නෙහෙලාමියේ ෂෙමායාටත්, ඔහුගේ වංශයටත් දඬුවම් කරන්නෙමි. මන්ද ඔහු දිවැසිවරයෙකු මෙන් ඔබට කතා කරමින්, ඔහු පැවසූ අසත්‍ය දේ විශ්වාස කිරීමට ඔබට සැලැස්සුවේ ය. එහෙත් මම ඔහු නොඑව්වෙමි. ඔහු මට විරුද්ධ ව කැරලිකාර වචන කතා කළ නිසා මේ සෙනඟ අතර වාසය කරන කිසිවෙකු ඔහුගේ පරම්පරාවේ ඉතිරි වන්නේ නැත. මා විසින් මාගේ සෙනඟට කරනු ලබන යහපත ඔහුට දකින්නට නොලැබේ. ඔහුගේ වංශයේ කිසිවෙක් මේ සෙනඟ අතර ජීවත් වන්නේත් නැත. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය” යනු යි.