සමිඳාණන් වහන්සේ ද, ‘ඉශ්රායෙල් රජ වන ආහබ් රාමොත්-ගිලියද්හි දී පරාජය වන පිණිස එහි යන්න ඔහු කැමැති කරවන්නේ කවුරු දැ’යි ඇසූ සේක. එවිට එක් කෙනෙක් මේ ආකාරයට ද අනික් කෙනෙක් ඒ ආකාරයට ද කීවෝ ය.
2 ලේකම් 18:21 - Sinhala New Revised Version ‘මම ගොස් ඔහුගේ සියලු දිවැසිවරුන්ගේ මුඛවල මුසාවාදී ආත්මයක් වෙමි’යි ඔහු කීවේ ය. උන් වහන්සේ ද, ‘නුඹ ගොස් ඔහු පොළඹවා ජයගන්න; ගොස් එසේ කරන්නැ’යි වදාළ සේක. Sinhala New Revised Version 2018 ‘මම ගොස් ඔහුගේ සියලු දිවැසිවරුන්ගේ මුඛවල මුසාවාදී ආත්මයක් වෙමි’යි ඔහු කීවේ ය. උන් වහන්සේ ද, ‘නුඹ ගොස් ඔහු පොළඹවා ජයගන්න; ගොස් එසේ කරන්නැ’යි වදාළ සේක. Sinhala Revised Old Version මම ගොස් ඔහුගේ සියලු ප්‍රොපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක්වෙමියි ඔහු කීවේය. උන්වහන්සේද: නුඹ ගොස් ඔහු පොළඹවා සඵලවන්නෙහිය. ගොස් එසේ කරන්නැයි කීසේක. |
සමිඳාණන් වහන්සේ ද, ‘ඉශ්රායෙල් රජ වන ආහබ් රාමොත්-ගිලියද්හි දී පරාජය වන පිණිස එහි යන්න ඔහු කැමැති කරවන්නේ කවුරු දැ’යි ඇසූ සේක. එවිට එක් කෙනෙක් මේ ආකාරයට ද අනික් කෙනෙක් ඒ ආකාරයට ද කීවෝ ය.
“එබැවින් සමිඳාණන් වහන්සේ ඔබේ මේ දිවැසිවරුන්ගේ මුඛවල මුසාවාදී ආත්මයක් තැබූ සේක. සමිඳාණන් වහන්සේ ඔබ ගැන අසුබ දෙයක් කියා තිබේ.”
එවිට සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “හොඳයි, ජෝබ් සහ ඔහු සතු සියල්ල දැන් ඉතින් නුඹේ බලයට යට ය. හැබැයි, එකක් කියමි; ඔහුගේ ඇඟට පමණක් අත තබන්නට නුඹට අවසර නැතැ”යි සාතන්ට වදාළ සේක. එවිට සාතන් සමිඳාණන් වහන්සේ වෙතින් ඉවත් ව ගියේ ය.
එවිට සමිඳාණන් වහන්සේ කතා කරමින්, “හොඳයි, මම ඔහු නුඹ අතට බාර දෙමි. හැබැයි, ඔහුගේ ප්‍රාණයට නම් අත නොතියන්නැ”යි සාතන්ට වදාළ සේක.
එසේ ය, සාප කිරීමට ඔහු ප්‍රිය විය; ඒ සාපය ඔහු පිට ම පැමිණේ වා! ඔහු ආශීර්වාද කිරීමට ප්‍රිය නො වී ය, ඒ ආශීර්වාදය ඔහුගෙන් දුරු වේ වා!
ඔබේ පියා යක්ෂයා ය. එබැවින් ඔබේ කැමැත්ත ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීම ය. මුල සිට ම ඔහු මිනීමරුවෙකි. සත්‍යය ඔහු තුළ පිහිටා නැති බැවින්, ඔහු සත්‍යයෙහි නොපිහිටියේ ය. ඔහු බොරු කියන කල ඔහුගේ නියම ගතියෙන් ම කතා කරයි. මන්ද, ඔහු බොරුකාරයෙකි. ඔහු බොරුවේ පියා ය.
අප දෙවියන් වහන්සේට අයිති ය. දෙවියන් වහන්සේ අඳුනන තැනැත්තා අපට සවන් දෙයි. දෙවියන් වහන්සේට අයිති නොවන්නා අපට සවන් නොදෙයි. සත්‍යයත් අසත්‍යයත් අපට හඳුනාගත හැක්කේ මේ ලෙසිනි.
මහා මකරා පලවා හරින ලදී. ඔහු නම් මුළු ලොව රැවටූ යක්ෂයා හෙවත් සාතන් යයි නම් ලත්, ආදි සර්පයා ය. ඔහු සමඟ ඔහුගේ දූතයෝ ද පොළොවට හෙළනු ලැබුවෝ ය.
මෘගයා ඉදිරියෙහි කරන්නට ඉඩ දෙන ලද හාස්කම් මඟින් ඌ ලෝවැසියන් මුළා කෙළේ ය. කඩුපහර ලැබූ නමුත් තවමත් ජීවත් වන මෘගයා සඳහා රූපයක් පිහිටුවීමට පොළෝ වැසි සියල්ලන්ට ඌ නියම කෙළේ ය.
පොළොවේ සතර දිශාවේ සිටින ගොග් සහ මාගොග් යන ජාතීන් මුළා කරනු පිණිස ද ඔවුන් යුද්ධයට රැස් කරනු පිණිස ද නික්ම එන්නේ ය. ඒ ජාතීන්ගේ ගණන මුහුදේ වැලි මෙන් ය.
ඉන්පසු අබිමෙලෙක් සහ ෂෙකෙම් වැසියන් අතරේ විරුද්ධවාදිකමක් දෙවියන් වහන්සේ ඇති කළ සේක. ෂෙකෙම් වැසියෝ අබිමෙලෙක්ට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය.