ආබ්‍රම්, ඒ දේශය ඔස්සේ ගමන් කර ෂෙකෙම් නගරයේ ශුද්ධ භූමිය වන මොරේහි ආලෝන අරඹ දක්වා පැමිණියේ ය. එකල ඒ රටේ කානානිවරු සිටියෝ ය.
2 ලේකම් 10:1 - Sinhala New Revised Version තවද, රෙහොබෝවම් ෂෙකෙම් නුවරට ගියේ ය. මන්ද, ඔහු රජකමට පත් කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් ෂෙකෙම් නුවරට පැමිණ සිටි බැවිනි. Sinhala New Revised Version 2018 තවද, රෙහොබෝවම් ෂෙකෙම් නුවරට ගියේ ය. මන්ද, ඔහු රජකමට පත් කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් ෂෙකෙම් නුවරට පැමිණ සිටි බැවිනි. Sinhala Revised Old Version තවද රෙහොබොවම් ෂෙකෙම්ට ගියේය. මක්නිසාද ඔහු රජකමට පත්කරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරු ෂෙකෙම්ට ආවෝය. |
ආබ්‍රම්, ඒ දේශය ඔස්සේ ගමන් කර ෂෙකෙම් නගරයේ ශුද්ධ භූමිය වන මොරේහි ආලෝන අරඹ දක්වා පැමිණියේ ය. එකල ඒ රටේ කානානිවරු සිටියෝ ය.
යුද්ධ පිළිවෙළට පැමිණෙන්න පුළුවන් වූ මේ සියලු යුද්ධ භටයෝ සියලු ඉශ්රායෙල්වරුන් පාලනය කිරීම සඳහා දාවිත් රජකමට පත් කිරීමට සම්පූර්ණ සිතින් හෙබ්‍රොන්ට ආවෝ ය. අනික් සියලු ඉශ්රායෙල්වරුත් දාවිත් රජකමට පත් කිරීමට එක් සිත් ව සිටියෝ ය.
සලමොන්ගේ පුත්‍රයා රෙහොබෝවම් ය. ඔහුගේ පුත්‍රයා අබියා ය; ඔහුගේ පුත්‍රයා ආසා ය; ඔහුගේ පුත්‍රයා ජෙහෝෂාපාට් ය;
සලමොන් රජු ඉදිරියෙන් පලා ගොස් සිටි නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් මිසරයේ දී ඒ බව අසා මිසරයෙන් හැරී ආයේ ය.
සලමොන් මියගොස් තමාගේ පිය වූ දාවිත්ගේ නුවර තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් රෙහොබෝවම් ඔහු වෙනුවට රජ විය.
මෙසේ ඔව්හු නප්තලී කඳු රටේ තිබෙන ගලීලයෙහි කෙදෙෂ් ද එප්‍රායිම් කඳු රටේ ෂෙකෙම් ද ජුදා කඳු රටේ හෙබ්‍රොන් වන කිරියත්-අර්බා ද වෙන් කොට තැබුවෝ ය.
ඉන්පසු ජෝෂුවා සියලු ඉශ්රායෙල් ගෝත්‍රයන් ෂෙකෙම්ට රැස් කරවා, ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ප්‍රධානීන් ද විනිශ්චයකාරයන් ද නිලධාරීන් ද කැඳවී ය. ඔව්හු දෙවියන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටියෝ ය.
ජෙරුබ්බාල්ගේ පුත් අබිමෙලෙක් ෂෙකෙම්හි සිටි තමාගේ මවගේ සහෝදරයන් ළඟට ගොස්, ඔවුන්ටත්, තමාගේ මවගේ පිය වංශයේ මුළු පවුලටත් කතා කොට,