ඔහු සවස් භාගයෙහි, කාන්තාවන් වතුර ඇදීමට එන වේලාවෙහි, නුවරින් පිටත ළිඳ ළඟ තමාගේ ඔටුවන් දණගැස්වී ය.
1 සාමුවෙ 9:11 - Sinhala New Revised Version ඔව්හු කන්ද නඟිමින් නුවරට යන කල, වතුර අදින පිණිස නුවරින් පිටතට එන තරුණියන් ඔවුන්ට සම්බ වී, “අනාගතවක්තෘ මෙහි ඉන්නවා දැ”යි ඔවුන්ගෙන් විමසුවෝ ය. Sinhala New Revised Version 2018 ඔව්හු කන්ද නඟිමින් නුවරට යන කල, වතුර අදින පිණිස නුවරින් පිටතට එන තරුණියන් ඔවුන්ට සම්බ වී, “දිවැස් ඇත්තා මෙහි ඉන්නවා දැ”යි ඔවුන්ගෙන් විමසුවෝ ය. Sinhala Revised Old Version ඔව්හු නුවර නැගුමේ යන කල, යෞවනියන් වතුර අදින පිණිස පිටතට එනවා ඔවුන්ට සම්බව: දිවස් ඇත්තා මෙහි ඉන්නවාදැයි ඔවුන්ගෙන් ඇසුවෝය. |
ඔහු සවස් භාගයෙහි, කාන්තාවන් වතුර ඇදීමට එන වේලාවෙහි, නුවරින් පිටත ළිඳ ළඟ තමාගේ ඔටුවන් දණගැස්වී ය.
ඔහු මෙසේ කියා නිම කරන්නටත් පෙර රෙබෙකා නම් තරුණිය තම උරහිස මත කළය තබාගෙන ආවා ය. ඈ ආබ්‍රහම්ගේ සොහොයුරු වන නාහෝර්ගේ බිරිඳ වූ, මිල්කාගේ පුත්‍රයා වන බෙතුයෙල්ගේ දුව ය.
ඔව්හු උත්තර දෙමින්, “බැටළු රැළවල් සියල්ල ම එකතු කර, ළිං කටින් ගල පෙරළාදමන තුරු, අපට එසේ කළ නොහැක. බැටළුවන්ට වතුර දෙන්නේ එවිට ය”යි කී හ.
ජාකොබ් මෙසේ ඔවුන් සමඟ කතා කරමින් සිටිය දී රාකෙල් තම පියාගේ බැටළුවන් සමඟ පැමිණියා ය. මන්ද, උන් රැකබලාගත්තේ ඈ ය.
මිදියන්හි පූජකවරයාට දූවරු සත්දෙනෙක් වූ හ. ඔව්හු පැමිණ ළිඳෙන් වතුර ඇද, තම පියාගේ බැටළුවන්ට පොවන පිණිස, දිය ඔරු පිරෙව්වෝ ය.
ළිං වටේ රැස් ව ජය හඬ නඟන සෙනඟ, සමිඳුන්ගේ ජය ශ්‍රී සමරති. සෙනඟගේ විජය ශ්‍රී ඔව්හු පසසති. එවිට සමිඳුන්ගේ සෙනඟ සිය නගරවලින් ගමන් කළහ.